
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඉන්දියාවෙන් ප්‍රදානය කරනු ලැබූ, කොවිෂීල්ඩ් නම් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට අද(29) එන්නත් කිරීම ඇරඹිණි.
ශ්‍රී ලංකාවේ පුරවැසියකුට එය එන්නත් කිරීම ආරම්භ කළේ අද දිනයේදී ය.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. වික්‍රමසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත වෛද්‍ය රාකේෂ් පාණ්ඩේ, විවේක් ෂර්මා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයටම අද, හෙට, අනිද්දා යන දින තුනෙහිදී මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.





COMMENTS
සියලු රෝහල්වල සහ පී.එච්.අයි. සහ කොරෝනා සම්බන්ධ වැඩ කළ හැමෝටම මුලින් ලබාදුන්නොත් හොඳයි කියලා මම හිතනවා.
ඔය එන්නත රජයේ නොවන රෝහල් කාර්ය මණ්ඩලයට ලැබෙන් නැද්ද? ඒ ඇත්තොත් රටෙ පුරවැසියන් නේද? එක්කෙනෙක් කිව්වා පැකනිල් දෙන්න කියලා, කවුරු කොහොම කීවත් අන්තිමට ඉන්දියාවට එ්කවත් නොලැබුණා නම්, දෙවියෝ මුහුණ බලලා මේ අසනීපය පොඩි ළමයින්ට හැදීමේ මට්ටම අඩුනේ.., නැත්තම් පොඩි අය ඉවරයි. මිනිස්සුන්ට දැන්වත් තේරුණොත් ඇති 225ම කම්බ හොරු කියන එක, අන්තිමට අපි කණ බත් ඇටයටත් බදු ගහලා අවුරුදු 72ක් තිස්සේ කරපු හරිය දැනගත්තා. බෙහෙතක් ගෙන්න ගන්න මුදලක් නැහැ. මෙතෙක් දේශපාලකයින් හම්බකරපු සියල්ල තහනම් කරලා මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕනෑ..
මේ උපකාරයට ඉන්දියාවට ස්තුතියි. නමුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අනතුරක් නොවේවායි ප්‍රාර්ථනා කරමු... එය ආරක්ෂා කරමු.
පාර්ලිමේන්තුවේ 225ට එන්නත දෙන්න එපා...
ඉතාම කාලෝචිත වැදගත් වැඩපිළිවෙලක්. සියලු දෙනාට ආරක්ෂාව සැලසේවා...!!! මුට්ටි, රතු නුල් සහ පැණි වෙළෙන්දන්ටත් මේ එන්නත ඉක්මණින් ලබාදෙන්න හැකිවේවා...!!
ලැබිලා තියෙන්නේ එන්නත් ලක්ෂ 5 යි. එක්කෙනෙකුට දෙපාරක් දෙන්න ඕනෑ. ඒ කියන්නෙ ලක්ශ 2.5ක් විතරයි ලැබෙන්නේ. රජය මුලින් ඇනවුම් නොකළ වරද... සර් ෆේල්. දැන් ඉතින් ආධාර එනකල් ඉන්න වෙනවා 69 ලක්ෂයට...
මේ අර ඇස්ට්‍රා සෙනෙකා නෙමෙයි නේ... ඉන්දියාවේ හදන බලෙ එකක් නේද?