(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී ඉතා ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් යෝජනාද ගත යුතු බව කී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සියළු පක්ෂ ඊට යෝජනා ලබාදී වසංගතයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා උදව් කළ යුතුව ඇතැයි ද සඳහන් කරයි.
වෛද්‍ය ක්ෂේත්‍රය,ව්‍යාපාරිකයන්, විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කොට මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය යුතු බවත් වසංගත පාලනයට අවශ්‍ය නීති ද මේ යටතේ සම්මත කරගත හැකි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා මාතාව බේරා ගැනීමට හැකියාව ඇත්තේ සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කළහොත් පමණක් බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

COMMENTS
රජයට සහාය දෙන්න ඉක්මණින් පාර්ලිමේන්තු එන්න. ඔබතුමා කවදත් රාජපක්ෂලාට සපෝට්නේ.
කැලේට වෙලා කෑ ගහන්නේ... ඉන්නකෝ පාර්ලිමේන්තුවට... ඇවිත් යෝජනාවක් ඉදිරිපත් කරන්න..
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ෆයිසර් ආයතනය මගින් නිවසේදීම ලබාගත හැකි නව පෙති වර්ගය මේ වනවිට පරීක්ෂණ අවධියේ ඉතම සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවත් වසර අවසානයේදී ජනතාවට ලබා ගත හැකි බවත් ප්‍රකාශ කර තිබේ..
ඕකට කෙටුම්පත් මොකටද? අපේ දේශීය වෙද මහත්වරු මුලදීම කිව්වා කරන්න ඕනෑ දේ..
මෙම ප්‍රදේශය දේශපාලකයන් අවබෝධයකින් තොරව ලබාදෙන්නා වූ ප්‍රකාශ නිසා රටේ ජනතාව දේශපාලකයින්ගේ ප්‍රකාශ පිළිගැනීමත් නිසා සහ කිසිදු සාමූහික ක්‍රමවේදයන් නොමැති නිසා COVID වෛරසය සඳහා ලබාදෙන්නා වූ එන්නත් සහ කුමන එන්නත් ලබාදෙන්නේද? දෙවන එන්නත කුමක් විය යුතුද පවා වගවීමක් හෝ වගකීමකින් තොරව රටට ලබාදෙන්නා වූ පරස්පරවිරෝධී අදහස් නිසා ජනතාව මේ වනවිට දැඩි පිඩනයකින් පසුවන බව කිව යුතුවේ. කොරෝනා පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් සැකසීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අගය කරමු.
මාරයි, මෙයා නටාගන්න බැරිවුණාට නටන හැටි කියලා දෙන්න දන්න පඬිරුවනක්. අමුඩෙත් ගලවලා ගෙදර යැව්වාම ටික කලක් හැංගිලා ඉඳලා හෙමීට අත් දෙකෙන් විලි වහගෙන එළියට එන්න දන්නවනේ.. රටටම වාසනාවක් අප්පා..
අනේ ෆයිසර් ආයතනය, අපේ දේශපාලනය පිස්සන්ට ගහන්න එන්නතක් හදා දෙන්න.
මෙතුමාගේ අදහස් වල ඇති වැදගත් කරුණු පිළිබඳ අවධානය යොමුකරනවා වෙනුවට ගතානුගතික විවේචන ඉදිරිපත් කිරීමෙන් පෙනෙන්නේ අප සමාජයේ ඇති නොදියුණු බවයි. විවේචනය සිදුවිය යුත්තේ අදාල කරුණු වල සත්‍ය අසත්‍යතාව පිළිබඳවය. බෝහෝ දියුණු රටවල් මෙම සාම්ප්‍රදායික නොදියුණු දේශපාලන සංස්කෘතියෙන් මිදී වඩාත් නිවහල් දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතිව ඉදිරියට යයි. අපගේ අඩුපාඩුව ඇත්තේ ඕනෑම දෙයක් හුදු රසාස්වාදයක්, පුද්ගලික වමනාවක් හෝ වෛරයක් මත විවේචනය කරනවා මිස කරුණු පිළිබඳව අවබෝධයකින් නොවේ. මීට හේතුව විය හැක්කේ තොරතුරු වලට ලඟාවීමට ඇති නොහැකියාව හා වුවමනාවක් නොනොමැතිකමයි.
ඔබලාට බලය තිබුන වෙලාවේ රටේ අනාගතය ගැන හිතලා පොදු ප්‍රතිපත්ත හැදුවා නම් රට අද මේ තත්වයට පත් වෙන්නෙ නැ, තමනුත් තමන්ගේ පක්ෂයත් හෙදිලා ගියා. ලැබුන එක ආසයනයටවත් පාර්ලිමෙන්තුවට කවුරුත් පත් කරගන්න බැ - පොදු පොදු ප්‍රතිපත්ති හදන්න කථා කරනවා! - අනේ හැබැටම...!
අවුරුදු 05ක් රට කාලා... දැන් තමයි මතක් වෙලා තියෙන්නේ ප්‍රතිපත්ති හදන්න.
බලය තිබුණු වෙලාවේ තීරණ ගත්තේ නැහැ. දැන් ඔස්තාර් වගේ කියවනවා. ඒ කාලෙම මිග්, සොහොන්, සුනාමි සල්ලි, දෙනියායේ ගෙවල්, ටකරම් සල්ලි වගේ අපේ සල්ලි හොරකම් කරපු අපතයින්ට නිසි දඬුවම් දුන්නා නම්, අද රටට වන හානිය නවත්තගන්න තිබුණා. චීනෙන් රට බේරගන්න තිබුණා. ඒක නිසා ඔබත් මේ ව්‍යවසනයේ කොටස් කාරයෙක්..
අපි බලේ දුන්නා... මොනවද කළේ? දැන් බැරි වැඩ පණ්ඩිතකම් කියවනවා.
මේ රට පෙරට... ඇයි අමතක... පාර්ලිමේන්තුවේ චිට් එක අරගෙන දුවලා ලක්ෂ 20ක් ගත්ත කෙනා ගැන... මහ දවල් බැංකු කොල්ලකාපු එක ගැන කෝටි 32 වෙඩි නොවදින කාර් 02 තව කෙතරම් දේවල් තියෙනවද? මෙයාට මතක ටකරම් කෑලි ටික විතරයි.