(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් පාලනයට රජය මේ දක්වා රුපියල් කෝටි විසි පන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොවිඩ් මර්දනය සඳහා මෙපමණ මුදලක් වැය කළේ රජයට මෙරට ජනතාවගේ ජීවිත වැදගත් නිසා යැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා කොරෝනා පාලනය සඳහා රජය එලෙස දිගටම කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
විශාල මුදලක් එන්නත්කරණයට වැයවන බවද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායකවරයාද එන්නත ලබා ගැනීම ගැන සතුටු වන බවත් තමා එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවත් කබ්රාල් මහතා පැවසුවේය.
මේ අවස්ථාවේදී රටේ සියලුම දෙනා එන්නත ලබාගත යුතු බවත් ඒ සඳහා සියලු දෙනා ඉදිරිපත්වීම වැදගත් බවත්
මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.