(නිමන්ති රණසිංහ)
කොරෝනා ප්‍රශ්නය භාරකළ යුත්තේ අදෘෂ්‍යමාන දෙවිවරුන්ට නොව මිහිපිට දුෂ්‍යමාන දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව, නියම දෙවිවරු හදුනාගෙන දැන්වත් ඔවුන්ට ආරාධනා කර මේ ප්‍රශ්නය විසදන ලෙස වගකිව යුතු අංශවලින් තමන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ සදහන් කළහ.
පූජ්‍ය සෝභිත හිමියෝ එසේ ප්‍රකාශ කළේ පසුගියදා මාවනැල්ල උතුව්කන්ද ධර්මදුත විහාරයේ ඔසු තුරු උයන හා ආයුර්වේද වෛද්‍ය සායනය ආරම්භ කෙරුණු අවස්ථාවේදී පැමිණ පිරිස අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.
“නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සදහන් කළේ රජය කළ හැක්කේ එන්නත ගැසීම පමණක් වන හෙයින් ඉතිරි හරිය දෙවියන්ට භාරදෙන බවයි. එතුමාගේ ඒ මතය ඉතාම නිවැරදියි. දෙවියන් ගැන විශ්වාසය තියෙන හෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය භාරදීම ඉතාමත් හොදයි. බැහැයි කොරෝනා ප්‍රශ්නයට ඔය දොරගුලු ලා ගෙන අඳුරුකුිටි තුළ වැඩ ඉන්නවාය කියන අදෘශෂ්‍යමාන දෙවිවරුන්ගෙන් නම් කිසිම වැඩක් වෙන්නේ නෑ. ඒ වෙනුවට දෘෂ්‍යමානව සිටින නියම දෙවිවරු හදුනාගත යුතුයි. ඒ නියම දෙවිවරු නම් වෛද්‍යවරුයි. දොස්තර මහත්වරු වෙද මහත්වරු මේ සියලු දෙනාම දෙවිවරු. කොරෝනා ප්‍රශ්නය භාර කළ යුත්තේ ඒ දෙවියන් වැනි දෙවිවරුන්ටයි. ඒ නිසා ඇමැතිතුමාට අපි කියනවා නියම දෙවිවරු හදුනාගෙන දැන්වත් නියම විදිහයට ආරාධනාව කරන්න කියලා. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය රජයේම අංශයයක්. එසේ නම් ඇයි ඒ අංශවලට කුඩම්මාගේ සැලකිලි? ප්‍රතිකාර කළ හැකිය කියන අයට රෝගීන් භා5රදෙන්න. බහුජාතික සමාගම්වල හෝ වෘත්තීය සමිතිවල බලපෑමට වහල් නොවී කොන්ද පණ ඇති වැඩ කරන්න නව සෞඛ්‍ය ඇමතිතුමා ශක්තිය උපදවාගත යුතුයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ට බාරදෙන්නේ නැතිනම් දැනට බාරගෙන ඉන්න අය මේ විපතට බිලිවන අහිංසක ජීවිතවලට වගකිව යුතුය. මේ අය ඉතිහාසගත වෙනවා එහෙම වුණොත්..
අපේ හාමුදුරුවනේ, මෙතන ගැටලුව තියෙන්නේ, ලංකාවේ සැබෑ වෛද්‍යවරුන්ගේ හිඟකමයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ තැන්වලට අරක්ගෙන සිටින වෙද සංගම් ගොමා, මාෆියා කල්ලිය ගැන රජය පවා දැනුවත්. මේ මාෆියා කල්ලිය සිටින තෙක් අනෙක් වෛද්‍යවරුන්ටත් නිසි සේවයක් කරන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. එන්නත්කරණය කිරීමට හමුදාව යොදා නොගත්තා නම්, මේ වනවිටත් එන්නතත් පෞද්ගලික රෝහල්වල විකිණෙන භාණ්ඩයක් වී අවසන්. දැනටමත්, පෞද්ගලික රෝහල්, හෝටල් වෙන්කරවාගෙන අසරණ රෝගීන්ගෙන් මුදල් ගසා කන බිස්නස් එක පිටුපස සිටින්නේත් මේ මාෆියා කල්ලිය තමයි. ලංකාවේ පවතින මෙවැනි විපරිත වාතාවරණයක් තුළ කොහොමද සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මාෆියාවකට බාර දෙන්නේ. මීට කලින් කෝවිඩ් ඉතා හොඳින් මර්ධනය කිරීමට දායක වූ සැබෑ වෛද්‍යවරුන්ව එම තනතුරුවලින් පන්නා දැමුවෙත් මේ මාෆියා වෛද්‍ය සංගමය තමයි. ඔබ වහන්සේ කියන දෙවිවරු නෙමේ මේ අය යක්ෂයින් රැලක්.
කොහොමත් ඉතින් මාස් පඩි නොලැබෙන උදවියට සහ ඔවුන්ගේ දරු පවුල් වලට දෙවියන්ගේම පිහිට තමා.
ඔව් කොවිඩ් දොස්තරලාට බාර දීලා බලමු...
ඒකනේ හාමදුරුවනේ කියන්නේ.
කොරෝනා කමිටුවේ තීන්දු තීරණ ගන්නේ එක සාමාජිකයෙක්.
එහෙම කරන්නේ කොහොමද හාමුදුරුවනේ..? බුද්ධ ශාසනය පාලනය කරන්නෙත් අපිනේ.. අපිට උඩින් කිසිම දෙයක් නෑ.
ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශය ඉතා අගයකොට සලකනවා.
එතකොට හාමුදුරුවනේ දොස්තරලා ගේ උපදෙස් නිසා ඇතිවෙන ආර්ථික ගැටළු කාටද බාරදෙන්නේ? මාස්පඩි ගන්න රජයේ සේවකයාට රට අවුරුද්දම වහල තිබ්බත් ප්‍රශ්නයක් නැහැ ගුරාලට වර්ජන කලත් වටුප් ලැබෙනවා. එදා වේල හමබරගෙන කන මිනිස්සුන්ට මොකද වෙන්නේ.
පැවිද්දෝ ශාසනේ කටයුතුත් ,ගිහියෝ ගිහි ජීවිතේ කටයුතුත් ගැන විමසිල්ලෙන් හිටියම හොඳ නැතිද ?
මොන පිස්සුද ,කොරෝනා රෝගීන් ලගට කිට්ටු වෙන්නත් බය දොස්තරලා ඉන්නවා ,සුලු සේවකයන් රෝගීන් ලගට දාලා බොහොම ඈතින් බෙහෙත් ලියන්නෙ .දවසට වැඩ කරන්නෙ පැය 2-3: යි.ඉතුරු පැය ඔක්කොටම පඩියි,ඕ ටි යි ගන්නවා .දොස්තරලාට කීප දෙනෙක් තමා ඔය බැහැලා ඒ කොරෝනා මධ්‍යස්ථානවල සේවය කරන්නෙ ,හමුදාවෙ සහාය සහ ක්‍රියාශීලී බව නැත්නම් සොරිම තමා.
මේ රටේ ඇමතිලා අතර උගතුන් හිඟවුණාට බහුතර ජනතාවට හිනායන්නේ වෛද්‍ය ක්ෂෙත්‍රයේ නොවෙන ඒ අය පණ්ඩිතකමට සෞඛ්‍ය උපදෙස් දෙනකොටයි. මුලින් පත්කළ වෛද්‍ය කමිටුව වෘත්තීය සමිතිවල අය නොවෙයි. ඒ අය කියන දේට සවන් දෙන්න රජය උනන්දු වුනේ නැහැ. වයස වැඩි වෛද්‍යවරුන්ව සහ සේවකයින්ව ඉදිරිපෙළට නොදමා කණිෂ්ඨ වෛද්‍යවරු සහ හෙදියන් පුදුම කැපකිරීමක් කරන්නේ... දැරිය නොහැකි පමණ රෝගීන් පැමිණෙනවිට හැමගේම උදව්, වුවමනා... එ්ක පුදුමයක් නොවේ. කැබිනට් එකේ වයෝවෘද්ධ අය පරිස්සමින් වැඩ කරනවා වගේම මෙතරම් අවුරුදු ගාණක් ඉගෙනගත් මිනිසුන් රැකගෙන සෞඛ්‍ය පද්ධතිය වැඩ කිරීම වරදක් නොවේ...