(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් ප්‍රමාණයක පාලනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා දෙස බැලීමේදී ඒ තත්වය පෙනෙන්නට තිබෙන බව කී ගුණරත්න මහත්මිය රජය රට තවදුරටත් අගුළු දැමීමට තීරණය කර ඇති මේ අවස්ථාවේදී ජනතාව එහි උපරිම ඵල නෙළා ගත යුතු බවද සඳහන් කරන්නීය.

මේ අවස්ථාවේදී ජනතාව නිවැරදි ලෙස සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කළාය.

ජනතාව එසේ කටයුතු නොකළහොත් තත්ත්වය බරපතළ විය හැකි යැයිද ඇය කීවාය.