(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් ප්‍රමාණයක පාලනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා දෙස බැලීමේදී ඒ තත්වය පෙනෙන්නට තිබෙන බව කී ගුණරත්න මහත්මිය රජය රට තවදුරටත් අගුළු දැමීමට තීරණය කර ඇති මේ අවස්ථාවේදී ජනතාව එහි උපරිම ඵල නෙළා ගත යුතු බවද සඳහන් කරන්නීය.
මේ අවස්ථාවේදී ජනතාව නිවැරදි ලෙස සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කළාය.
ජනතාව එසේ කටයුතු නොකළහොත් තත්ත්වය බරපතළ විය හැකි යැයිද ඇය කීවාය.
COMMENTS
ඒ කියන්නේ 21දා රට ඇරියම පොසොන් එකට කොරෝනා දන්සැලක් ලඟයි වගේ....
මේ කට්ටිය හීන දකිනවා. එදාවේල හම්බකරන් කාපු මිනිස්සුන්ට හාන්සි..මෙයාලා දන්නේ වහන්න... අරින්න විතරයි.
මෙයා එකක් කියනවා. අනික් කෙනා තව එකක් කියනවා. මේවා අහලා අපිට පිස්සු හැදෙනවා....
මේ විදියට යලිත් විවෘතකර කීපාරක් වැහුවාද? හැමටම එන්නත් කිරීමයි අත්‍යාවශ්‍යයි... පිළිවලකට ප්‍රායෝගිකව වැඩකළ හැකි එකම රාජ්‍ය ආයතනය වන ත්‍රිවිධ හමුදාවල අය නියාමනය සඳහා යොදවන්න. මේ යන විදියට සමහර තැන්වල එන්නත් කරණය යනු කොරෝනා බෝකරන ක්‍රමයකි. විදෙස් ගතවන අයට දියුණු රටවල් අනුමත කරන එන්නතක් අවශ්‍යයි...