(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 55ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මේරිස් පෙයින් ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය කියයි.
මෙම වසංගත තත්ත්වයට මුහුණ දීම සදහා මෙරට සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කරන බවද එම මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීය සාගර කලාපයේ පිහිටි අසල්වැසි රටවල් වල කොවිඩ් ව්‍යවසන බලපෑම අවම කිරීමට ලබා දෙක සහන පැකේජයෙ කොටසක් ලෙස මෙම ආධාර මුදල මෙරටට ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පැවසූයේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් -19 තත්ත්වය වටහාගෙන සිටින අප ඊට සහායදීමට සූදානමින් සිටින බවය .
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 117කි. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 178 ක් වේ.
COMMENTS
ඒ රටේ රස්සා වලට උගතුන්ගේ හිඟයක් ඇතිවෙයි කියලා බය ඇති. ඒකයි මේ..?
බොහොම පින් මහත්මියනි, ලෝකෙටම ණයවෙලා ඉන්න (හොර දේශකාපාලුවන් විසින් ණය කරලා) මේ රටේ මහජනතාවට මේ කොරෝනා රෝගයෙන් හිස එසවීමට, ආධාර අවශ්‍යමයි. හැබැයි තව දෙයක් අමතක කරන්න එපා, අපේ රටේ පාලකයින් " හොරකමට " නම් දරාපු කස්ටියක්... ඒ වගේම හොර පවුලක්...!!! සුනාමියෙන් පටන් ගත්ත සල්ලි ගැහිල්ල උන් තවම නවත්වලා නැහැ. කොරෝනා ආධාර වලිනුත් හොරා කාලා. ඒ නිසා මේ හොරුන්ට " සල්ලි "නම් දෙන්න එපා. අත්‍යාවශ්‍යම ද්‍රව්‍යමය ආධාර, ඒ වගේම එන්නත්, ICU ඇඳන් (10 ක් 15 ක් වුණත් කමක් නැහැ) වැනි ආධාර ද්‍රව්‍යමය වශයෙන් ලබාදෙන්න. වැරදිලාවත් සල්ලිනම් දෙන්න එපා. අපේ රටේ සිටින හොර හිඟන මිනීමරු පාලකයින් සල්ලි - පිල්ලි ගහන්න විශේෂඥයින්...
බැසිල් අන්න ආපහු එනවා..
කොවිඩ් 1 වැනි රැල්ලේදී ලංකාවේ දානපතියන් ආණ්ඩුවට කෝටි ගණනක් පරිත්‍යාග කළා.. ජනාධිපතිතුමා ගැන තිබුණු විශ්වාසයට. ඒත් අද කවුරුත් ආධාර කරන්නේ නෑ. ඒ මොකද දුන්නු සල්ලි වලින් කොරෝනා මර්ධනයට විනිවිද භාවයකින් යුතුව වියදම් කලේ නෑ. අධික මිලගණන් වලට ගිලන්රථ අරන්. තැන් තැන් වලින් ප්‍රශ්න කරනකොට කමිටු පත් කරනවා. ඕස්ට්‍රේලියා ආධාර වලට මොනවා වෙයිද?. ඕස්ට්‍රේලියාවෙන්ම මේවා නියමනය කළොත් හොඳයි.
තම එන්නත් වැඩසටහනට අවශ්‍ය නොවන මිලියන 30ක ඇස්ට්‍රා සෙනෙකා එන්නත් රෝගයෙන් හා එන්නත් හිඟයෙන් පීඩා විඳින දකුණු ආසියාවට ලබාදීමට සිත් පහළ වේවා...!!!
ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට බැරිද මේ සල්ලි පාලනය කරන්න , එතොකට අසරණ දුප්පත් අයට පිහිටක් වෙයි! නැත්නම් දන්නවානේ මොනවාද සල්ලි වලට වෙන්නේ කියලා , සුනාමි ආධාර මතකයිද?
කරුණාකරලා ඔය මුදල් කෙලින්ම එන්නත් වලට ගෙවා අපිට එන්නත් එව්වානම් හොඳයි.
ආණ්ඩුවට මේ සල්ලි ඇමතිලාට වාහන ගෙන්වන්න යොදා ගත්තෑකි. සල්ලි නැතුව භාණ්ඩ එවනවා නම් තමයි හොඳ.
බැසිල් අයියේ, ඔන්න ආපහු දෝරෙ ගලන්නයි යන්නේ...
වඳින්නම් අපේ ලොක්කන්ට සල්ලිනම් දෙන්න එපා. උපකරණ බෙහෙත් වලින් ආධාර කරන්න.
කරුණාකරලා පුලුවන්නම් මේ අදහස් පරිවර්තනය කරලා මේ මහත්මියට යවන්න.
ලංකාවේ අපි ජීවත් වෙන්න යන උහුලන්න සුපිරි තත්වය දැරිය හැකි මට්ටමකට ගෙනෙන කල් අනුන්ගෙන් පිනට කන්න සිදුවේවි. දේශපාලකයෝ ඉන්නේ අහසේ, උන්ට ඕනේ ලෑන්ඩ් කෘෂර් ,බෙන්ස් . ඒවා ගන්නේ ලෝකේ වටේ හිඟමනේ ගිහින්... රජය කරන පක්ෂ විපක්ෂ දේශපාලක උම්මන්තක්යින්ට කියන්නේ ,ඔක්කොම එකතුවෙලා අහස් මාලිගා වලින් බිමට බැහැල පොලවේ පයගහල ඉන්න. එතකොට මිනිස්සුත් ඒ පාරේ යයි ..
අනේ මැඩම් මේ සල්ලි ටික දීලා අපිට එන්නත් ටිකක් එවන්නකො....
දේශපාලුවන්ට දැන් ඉහේ මලක් පිපිලා වගේ ඇති.. හෙල්පින් හම්බන්තොට මතක් වෙනවා.
ලොක්කන්ට කෑම හොඳයි.
එහෙනම් බැසිල් ඉක්මණටම ආපහු එයි හෙට අනිද්දාම...
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ගේමක්, ඔය ණය ගෙවන්නේ කවුද.?