IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා තුන්වෙනි රැල්ලේ අවසානය පෙනෙන මානයට ඇවිත්

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා  තුන්වැනි  රැල්ලේ අවසානය පෙනෙන මානයට පැමිණ ඇතැයි කොවිඩ්19 සම්බන්ධීකාරක,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  අන්වර් හම්දානි මහතා  ලංකාදීපයට පැවැසීය.

රට  විවෘත කිරීම සඳහා හඳුන්වාදීමට බලාපොරොත්තුවන සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්  කෙරෙමින් පවතින බවද  හෙතෙම සඳහන් කළේය.

රටෙන්  දෛනිකව වාර්තාවවන ආසාදිතයන් සංඛ්‍යාව 1300 සීමාවට ළඟා වී ඇතැයි පැවසූ හම්දානි මහතා  කොවිඩ්  මරණ සංඛ්‍යාවද  සියයට  හතළිහ දක්වා  අඩුවී ඇතැයිද පැවැසුවේය.

මේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු සාධකය එන්නත්කරණය බවත්  රටේ එන්නත්කරණය  ලෝකයේ වෙනත් රටවල් අභිබවා යමින් ඉතා වේගවත් ආකාරයකට  සිදුකෙරෙමින් පවතින බවත් තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ‍ය.

කොරෝනා  වසංගතය හමුවේ බොහෝ ජනතාව සිය සමාජ වගකීම මනා ලෙස  ඉටු කිරීම  කොරෝනා  පැතිරීම පාලනයට බලපෑ අනෙක් ප්‍රධාන හේතුව බව පැවසු අන්වර් හම්දානි මහතා එසේ සමාජ වගකීම ඉටු කළ ජනතාවට තමා  ප්‍රශංසාව පුද කරන බවද  පැවසුවේය.

රට විවෘත කළ පසුද ජනතාව  ඒ සමාජ වගකීම  දිගටම ඉටු කිරීම වැදගත් බවද එසේ නොවුණහොත්  තවත් දරුණු  කොරෝනා රැලි ඇතිවීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම  ප්‍රකාශ කළේය.

එන්නත්කරණ  වැඩපිළිවෙළ හරහා ජනතාවගේ ශරීරයන්හි ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයිද  ඔහු කීවේය.

දිවයින පුරා  රෝහල්වල ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොරෝනා  ආසාදිතයන්ගේ සංඛ්‍යාවද විශාල ලෙස පහත බැස ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර  විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන දරුවන්ට  කොවිඩ්  එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ  ආරම්භ කර ඇති බවත් වයස අවුරුදු15ත් 19 අතර දරුවන්ට එන්නත ලබාදීම  ඉන්පසුව ආරම්භ කරන බවත් හම්දානි මහතා පැවැසීය. 



අදහස් (0)

කොරෝනා තුන්වෙනි රැල්ලේ අවසානය පෙනෙන මානයට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site