නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණුපොතේ පළවන ව්‍යාජ ප්‍රකාශ, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉන් වහා ඉවත්කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

ලෝක සෞඛ්‍ය සම්බන්ධයෙන් අර්බුධකාරී තත්වයක් නිර්මාණය කරමින් අසත්‍ය තොරතුරු රැල්ලක් ව්‍යාප්තවීම වළක්වාලීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව එම සමාගම සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අධිකාරීන්හි මෙහෙයවීම සහ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
සමාගමක් ලෙස මෙවැනි පියවරක් ගැනීමට තමන්ට සිදුවූයේ ඉතාම කලාතුරකින් බවත්, අසත්‍ය තොරුතුරුවල තත්වය පහත දැමීමේ පියවරක් ලෙස ඒවා මුහුණුපොතෙන් ඉවත්කිරීමට පියවර ගත් බවත් ඔවුහු පවසති.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු මත නිවැරදි දත්ත ලබාදීම වෙනුවෙන් ෆේස්බුක් භාවිත කරන්නන්ව මෙහෙයවන බවද එම සමාගම පැවසීය.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පවතින ව්‍යාපෘති සඳහා ද නොමිලේ ප්‍රචාරණයක් ලබාදෙමින් සහය දක්වන බවද ෆේස්බුක් සමාගම වැඩිදුරටත් කියාසිටියි.
මේ සතිය ආරම්භයේදී, වෛරසය සම්බන්ධයෙන් ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් ආදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු බෙදාහදාගෙන තිබිණි.
වෛරසයේ ආරම්භ වූ ආකාරය, ආසාධිතයන් සංඛ්‍යාව සහ වෛරසය පැතිරයන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් පළ කළ තොරතුරු දහස් ගණනින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබිණි. ඒ අතර කොරෝනා වෛරසය ඇමෙරිකාවෙන් නිපදවූවක් බවටද වැරදි මත පළ වී තිබේ.
නමුත් තවමත් ඇතැම් ව්‍යාජ පුවත් සංසරණය වන බව ද වොෂින්ටන් පෝස්ට් වෙත වාර්තා වී තිබේ.
(වොෂින්ටන් පෝස්ට් ඇසුරිනි)
16844
2025 දෙසැම්බර් මස 18
644
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ෆේස්බුක් වැටබඳියි
wedage Friday, 31 January 2020 10:04 AM
රටේ සැමතැනම චීන්නු සැරිසරයි නංගියේ.... අපි කොරෝනාට බයයි නංගියේ...
jayath Friday, 31 January 2020 10:36 AM
සාදු සාදු සාදු ! මේ ඊනියා මුහුණු පොත් අමන, පණ්ඩිතයින්ට තව වතාවක් සාදු සාදු !