IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට නව කොරෝනා වයිරස කාර්යසාධක බලකායේ රැස්වීමකට සහභාගී වී ඇත්තේ මාස ගණනකට පෙර යැයි එරට වසංගත රෝග පිළිබඳ ප්‍රධානම වෛද්‍යවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.

වෛද්‍ය ඇන්තනි ෆවුචි යන ඇමෙරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධානම විශේෂඥ වෛද්‍යවරයා වන අතර ඇමෙරිකාවේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයෙකි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ජනාධිපති බල හුවමාරුව සම්බන්ධයෙන් සී.එන්.එන්. රූපවාහිනි සේවයේ ජේක් ටැපර් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි එම කරුණු සඳහන් කළේය.

සාමාන්‍ය පරිදි බල හුවමාරුවක් සිදු වුවහොත් එය මහජන සෞඛ්‍යයේ යහපතට හේතු වනු ඇතැයි ද මාධ්‍යවේදී ජේක් ටැපර් වෛද්‍ය ෆවුචිගෙන් විමසීය.

‘‘ඔව්, ඇත්ත වශයෙන්ම. අපට ඔවුන් සමඟ වැඩ කරන්න පුළුවන් නම් ඉතාම හොඳ’’ යැයි ඊට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි කීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණය පරාජය බාරගන්නැයි මේ වනවිට දැඩි විරෝධයක් එල්ල වී ඇත. කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් පරාජය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකාවේ මේ මොහොතේ ඇති වී තිබෙන මහජන සෞඛ්‍ය ව්‍යවසනය සම්බන්ධයෙන් නිහඬව පිළිවෙතක් අනුගමනය කරන බවට ද චෝදනා එල්ල වී තිබේ.

ඒ.එෆ්.පී/රොයිටර්

055



අදහස් (0)

කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site