IMG-LOGO

“කොරෝනා එන්නත් නැති වුණේ රජයේ අකාර්යක්ෂමතාව නිසා“

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රටේ කොරෝනා එන්නත් හිඟයක් ඇති වුණේ රජයේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය.

මේ රජයට විදේශයන් සමග සබඳතා පවත්වමින් එන්නත් ගෙන් වීමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

සීනිවලින් හොරකම් නොකර එම මුදල් වලින් එන්නත් ගෙන්වූයේ නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බව කී ප්‍රේමදාස මහතා ආණ්ඩුව කොරෝනා අරමුදල ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට යොදා ගෙන නැතැයි චෝදනා කළේය .

ආණ්ඩුව කොරෝනාවලට බෙහෙත් දීම අමතක කර කොරෝනා දේශපාලනයක නිරත වන බවද දැන් දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට රජය සූදානම් වන බව ද ඔහු පැවසීය

රජය කොවිඩ් පාලනය අමතක කර ඇතැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය .

 



අදහස් (13)

“කොරෝනා එන්නත් නැති වුණේ රජයේ අකාර්යක්ෂමතාව නිසා“

Raveendra Tuesday, 04 May 2021 09:45 AM

කාර්යක්ෂම මෙන්ම රටට ආදරේ අවංක පුරවැසියකු මෙය කිව්වා නම් නීතිගරුක පුරවැසියන් හට පිළිගත හැක.

:       19       34

මුණසිංහTuesday, 04 May 2021 11:14 AM

හරියටම හරි. මෙයා කරන්නේ විකාර දොඩවන එක විතරයි. රුසියාවෙන් එන්නත් දෙන්න සූදානම් වෙනකොට මෙයා තානාපති ගෙනැල්ලා කියනවා එන්නත් දෙන්න කියලා. දැන් කියයි 15000 දුන්නේ මම කියපු නිසා කියලා. අන්න ඒ ජාතියේ කෙනෙක් මෙයා.

:       0       0

SUNIL MILANO Tuesday, 04 May 2021 09:55 AM

කතාව ඇත්ත. මෙයා තමයි සාර්ථකම කෙනා.

:       10       25

ranga Tuesday, 04 May 2021 10:00 AM

හැකියාව තියෙන කෙනා ගෙනෙල්ලා පෙන්නන්නකො බලන්න නිකන් පුරසාරම් නැතිව.

:       21       29

සවීන් Tuesday, 04 May 2021 10:42 AM

ඇතැමුන්ට ඕනම මාතෘකාව ක් තම දේශපාලන වාසියට හරවා ගත හැක .

:       0       0

Kamal Tuesday, 04 May 2021 10:47 AM

අනෙ නිකන් ඉන්න

:       0       0

Ruhunu Tuesday, 04 May 2021 10:51 AM

ඔබ තුමාල ආන්ඩුව කරන කාලෙ පාස්කු ප්‍රහාරය වලක්ක ගන්න බැරිඋන මතකයිනෙ.

:       0       0

Laksitha Tuesday, 04 May 2021 10:56 AM

කට වහගන්න.

:       0       0

Nimal Tuesday, 04 May 2021 12:14 PM

රජය අපොහොසත් කම නිසානේ...!!!

:       0       0

යාපා Tuesday, 04 May 2021 01:05 PM

මේ වගේ විපක්ශ නායකයෙක් ඉන්නකන් තව අවුරුදු 10කටවත් ආන්ඩුව පරද්දන්නනම් බෑ.

:       0       0

chandima Tuesday, 04 May 2021 05:43 PM

මෙයාලාට කොරෝනා හැදිලාද නැත්නම් මෝලේ මැලේරියා හැදිලාද?

:       1       1

Bamunuarachchi Wednesday, 05 May 2021 01:39 AM

කට තිබුන පලියට ගොබ්බ කතා කියන්න එපා හලෝ. ඉන්දියාවේ එන්නත ඉපදවන කොම්පැනිය අයිතිකාරයත් එංගලන්තෙට පැන්න කියලා ප්‍රවෘත්ති වලදී කිව්වා. ලෝකේ කොවිඩ් තිබෙන්නේ අපිට විතරක් නොවෙයි. එන්නත නිපදවන ඉන්දියාවේ දරුණු ලෙස කොවිඩ් තිබෙනවා. මුළු ලෝකෙම එන්නත ඉල්ලනවා ඉල්ලපු ගමන් මෙන්න කියලා දෙන්න පුළුවන් කමක් ඒ නිෂ්පාදකයින්ට පුළුවන් කමක් නැහැ. කිව්වොත් මැටි කතාවක් තමයි.

:       1       2

Indunil Wednesday, 05 May 2021 03:48 AM

කාර්යක්ෂම පුත්තරයා ඉන්න වෙලාවේ භූමිතෙල්, ගෑස් ටික ගන්නත් පෝලිමේ හිටියා මතකයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site