
(රොමේෂ් මධුෂංඛ)
කොරෝනා නසන එන්නත ලබාදීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් හේතුවන් කිලිනොච්චියේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
කිලිනොච්චියේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන්ට මෙලෙස කොවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමේ කටයුතු සිදුවූ අතර එලෙස එන්නත ලබාගත් සේවිකාවන් පිරිසකගෙන් කොටසකට පමණක් මෙලෙස ආසාත්මිකතාවක් ඇතිව ක්ලාන්ත වීම් සිදුව තිබුණි.
කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන ලද ඇඟලුම් සේවිකාවන්ගෙන් 20 ක් පමණ දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරු කොට යවා ඇත.
කෙසේ වෙතත් රෝහලගත රන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්ද නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවත් ඔවුන්ගේ බරපතල නොවන බවත් වෛද්‍යවරු පවසති.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා එන්නත් දුන් ඇඟළුම් සේවිකාවන් 25කට ක්ලාන්තය