
(සුජිත් හේවාජුලිගේ)
රටේ සෑම දෙනාටම කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරස පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
රටේ වයස 60ට වැඩි සහ දියවැඩියාව අධික රුධිර පීඩනය ,හෘදයාබාධ යනාදී නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට පමණක් එන්නත ලබාදීම ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය.
රටේ සියයට අසූවකට වැඩි ප්‍රමාණයකට මෙම වයිරසයේ බලපෑම ඉතාම අඩු බවත් එය හරියට හෙම්බිරිස්සාව වැළදීමෙන් ඇතිවන තත්වයට සමාන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
ඒ සියයට අසූවේ පිරිසට ප්‍රතිශක්තිය ඉබේම හටගන්නා බව පැවසූ විතාරණ මහතා රටේ සියලුම දෙනාට කොරෝනා එන්නත් ලබාදීම මුදල් නාස්තිවන වැඩකැයිද ඔහු පැවසුවේය.
කොරෝනා මරණ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේ රටක් හැටියට ගත් කල ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ ඉතාම අඩු අගයක බවයි.
එය සියයට 1.5 ක පමණ අගයකැයිද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා මොනවද බිව්වේ...? අපිටත් කියන්නකෝ බලන්න.
මෙතුමා මොනවා කියවනවද කියලා හිතාගන්න බැහැ.
ආණ්ඩුව එන්නත ගෙන ඒම සම්බන්ධයෙන් ද පවතින්නේ දුර්වල තත්ත්වයක්... ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නොයෙක් කතන්දර කියමින් සිටිනවා. විවිධ රටවලින් එන්නත ගෙනා බව කියනවා. ඒත් ඇත්ත කාරණය වන්නේ ඒ කිසිවක් නිවැරැදිව නොකළ බවයි.
මේ වගේ උගත්, ප්‍රවීන අය පැත්තකට කරලා කොරෝනා එක්ක සටන් කරන්නේ කොහොමද? ඒක හරියට මේසන් බාස්ට කියලා ගෙදර වහලෙ ගැහුවා වගෙයි. හැබැයි හදයි... ඒත් හැමදාම තෙමෙයි වැස්සට... සල්ලිත් අපරාදේ...
1.5% ප්‍රමාණවත් නොවන බව පවසන මහාදුරුතුමා එය 2% දක්වා වර්ධනය කර ගත යුතු බව ජනතාවට පවසනවා. අපි එතුමාගෙන් පටන් ගමු..
මේක ඇත්ත... ගොඩක් අය මේකට කැමැති නෑ.
අනේ... ළමයි ලෙඩ කරන්නද හදන්නේ? ළමයි කී දෙනෙක් නැති වුණාද? වයසට ගියා නම් පැත්තකට වෙලා ඉන්න පව් නොදී... දැන් ඉන්නේ වලපයයි, ගොඩපයයි නේද?
ඔබතුමා තමයි ඇත්ත කිව්වේ..!!!
මේ කතාවේ දෙපැත්තක් තියෙනවා.. ආණ්ඩුව එන්නත් වලට මුදල් වෙන්කර අවසන් භාණ්ඩාගාරයත් හිස්කළා. දැන් ඔබතුමා ආණ්ඩුවට කඩේ යනවද?
ඇදුම තියෙන දරුවන්ට ප්‍රමුඛත්වයක් දිය යුතුයි.
සම්පූර්ණ ඇත්ත. කියන තරමට කොරෝනා යකා භයානක නැහැ. ඇත්තෙන්ම හෙම්බිරිස්සාව හා සමානයි.