IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා ඇවිදින් ක්‍රිකට් ලෝක මූලස්ථානයත් වසාදමයි

කොරෝනා වසංගතය ඩුබායි හි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානයටත් රිංගාගෙන ඇති බැවින් එය දින කිහිපයකට වසාදමා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථාන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ. එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය නියාමනයන් අනුව මෙම සේවක පිරිස අනිවාර්යයෙන්ම  හුදෙකලා වී සිටිය යුතුය. 

දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම සඳහා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඩුබායි මූලස්ථානය දින කිහිපයක් වසා තබනු ඇත. එය  නැවත විවෘත කිරීමට පෙර විෂබීජානුහරණය කෙරෙන අතරේ එහි කාර්ය මණ්ඩලය නිවසේ සිට වැඩ කරනු ඇත. 

කෙසේ වෙතත්, ඩුබායි නුවර කේන්ද්‍ර කරගනිමින් නවාතැන් ගෙන සිටින අයි.පී.එල්. කණ්ඩායම් හය සඳහාම පුහුණුවීම් කිරීම සඳහා  අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණය “ආරක්ෂිත” බව නිවේදනය කර තිබේ.  අයිපීඑල් කණ්ඩායම් හයක් දැනට ඩුබායි නුවර සිටින අතර ඔව්හු ඩුබායි ස්පෝර්ට්ස් සිටි හි පිහිටි අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණයේ පුහුණුවීම් පහසුකම් භාවිතා කරති.

“අයිසීසී ඇකඩමි ක්‍රීඩාංගණය පිහිටා තියෙන්නේ කාර්යාල මූලස්ථානයට යාබදව නොවෙයි. අනෙක් අතට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාර්ය මණ්ඩලයේ කිසිවකු අයි.පී.එල්. පුහුණු සැසිවාරයන්ට සහභාගි වෙන්නේත් නෑ. එනිසා අයිසීසී ඇකඩමිය සම්පූර්ණයෙන්ම  ආරක්ෂිතයි.“

“අයි.පී.එල්. කන්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බියක් ඇතිවීමේ කිසිදු ප්‍රශ්නයක් නෑ” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 



අදහස් (0)

කොරෝනා ඇවිදින් ක්‍රිකට් ලෝක මූලස්ථානයත් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site