
(සූමිත් ප්‍රේමතිලක)
නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙදෙනකු අද රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ පැනගොස් ඇත්තේ නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනකු බව පැවසේ.
ඔවුන් රෝහලේ බැම්මට ඉහලින් ඇති දැල ඉවත්කර පැනගොස් ඇති බව සදහන් වේ.
පැනගොස් ඇති කාන්තාවක හදුනාගෙන ඇති අතර , අනෙක් අයවලුන් කවුරුන්ද යන්න ලේඛන අනුව පරීක්ෂා කරමින් සිටින බවත්, රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් පැන ගිය අයවලුන් කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
කොරෝනා සැකසහිත අයවලුන් සහ ආසාදිතයින් එකම වාට්ටුවේ රඳවා ඇති බැවින්, රෝගීන් අතර යම් නොසන්සුන්තාවයක්ද පවතින බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විනයගරුක මිනිසුන් ඉන්න රටක් තවත් මේ පෘථිවිය තුළ තිබේද? 1948 සිට අපේ රට පාලනය කළ පාලකයින්ගේ හොඳකම තමයි.
පාලනයේ වරද තමයි. කවුද පැන්නේ කියලවත් දන්නේ නැහැනේ..!!!
රෝගීන් පාලනය කරගත හැකි මට්ටමට වැඩ වැඩි වුණාම මෙහෙමවෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට ළඟයි කිව්වේ නිකන්ද?