
(පාලිත ආරියවංශ )
කොවිඩ් අසාදිතයෙක් බවට තහවුරු වූ යාචකයෙක් බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය ඉදිරියේ පදික වේදිකාවේ සිගමන් යදිමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් අද (28) උදෑසන සොයාගෙන තිබේ.
මෙම ආසාදිතයා ඊයේ ශ්වසන රෝගී තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගැනීම සදහා බදුල්ල මහරෝහලට පැමිණ ඇති අතර එහිදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ .
ඔහු නිවසට ගිය පසු පීසීආර් වාර්තාවට අනුව 60 හැවිරිදි මේ පුද්ගලයා අසාදිතයෙක් බව අනාවරණය වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක වරු ඔහු සොයා ගොස් තිබිණ .
මෙම ආසාධිතයා ආශ්‍රිතව සිගමන් යදිමින් සිටි කාන්තාවන් තිදෙනෙක් හා තවත් පිරිමි පුද්ගලයෙක්ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සිය භාරයට ගත්හ .
ආසාධිතයා කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමටත් ආසාධිතයන් ස්වයං නිරෝධානයනට යොමු කිරීමටත් කටයුතු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං වගේ කවුරුත් කරන්නේ නෑ කිව්වට කෝ කෙරුවාව...? කොරෝනා සමාජගතවෙලා ඉවරයි. ගරානාව විතරයි දැන් පේන්න තියෙන්නේ...