
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
රෝහල් වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනාගැනීමද වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වා දුන්නාය.
මේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් හතළිස් දෙනකු පමණ වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා පැවසීය. එය සාපේක්ෂව වැඩි වීමක් බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි දන්නවා එන්නත් ඵලදායී නොවන බව
ඇමැතිකමේ හිටියා ඇතිද? ලංකාවම සැණකෙලි සිරි අරන් තියෙද්දී මේ සතුට නැති කරන කතා කියන්න එපා නෝනා...
විපක්ෂය උද්ඝෝෂණය කරනවා කිව්වොත් කොරෝනා වැඩිකරලා රට ලොක්ඩවුන් කරනවා. කොරෝනා තමයි දැන් එකම තුරුම්පුව හැමදේටම. බඩුමිල වැඩි කරන්න, ණය ගන්න, උද්ඝෝෂණ මැඩපවත්වන්න සහ නොහැකියාව වසාගන්න...
අපිත් බුස්ටර් එන්නත් ලබාගන්න කැමති නමුත් සෞඛ්‍ය කාර්යාලවලට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබාදීමක් සිදු වෙන්නේ නැහැ.
වෙන්න බැහැ ප්‍රවෘති බැලුවනම් දකින්නේ ලෝකේ හොඳටම කලේ අපි කියලා.