IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි

 

පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉන්ධන පරිභෝජනය අඩුවීමෙන් පරිසර දූෂණය සැලකියයුතු ලෙස අඩුවී ඇතැයි නාසා ආයතනය පෙන්වා දෙයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලොවපුරා රටවල් විසින් ක්‍රියාත්මක කර ඇති අගුලු දැමීම් හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ද පසුගිය මාසවල බොහෝ සෙයින් අඩුවිය.

නාසා ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වායුගෝලයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම 20%කින් අඩුවී ඇති බවයි.පොසිල ඉන්ධන දහනය කිරීමේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිටවන අතර එය වාතය දූෂණය කරන ප්‍රධාන වායුවකි.

මෙම පර්යේෂණය සඳහා පරිඝනකය විසින් නිර්මාණය කරන ලද කොවිඩ් රහිත කාලයක වායුගෝලයේ තත්ත්වය පෙන්නුම් කරන ආකෘතියක් ද යොදාගෙන තිබේ.

රටවල් 46ක නිරීක්ෂණ ස්ථාන 5,756කින් ලැබුණු දත්ත උපයෝගී කරගෙන නිගමන වලට එළඹී ඇත.පර්යේෂකයන් පවසන්නේ ඔවුන් දත්ත ලබාගත් නගර 61න් නගර 50කම වායුගෝලයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම 20% - 50% දක්වා අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

කොවිඩ් දරුණු ලෙස ව්‍යාප්ත වූ චීනයේ වුහාන් හා ඉතාලියේ ලොම්බාඩි නගරවල නයිට්‍රජන් ඩයොක්සයිඩ් විමෝචනය 60%කින් අඩුවී ඇතැයි පර්යේෂකයෝ පවසති. ඇමරිකාවේ නිව්යෝර්ක්හි වායු දූෂණ මට්ටම 45%කින් අඩුවී තිබේ.ඉන්දියාවේ එය 50%කින් පහත වැටී ඇත.

මෙය ලොවපුරා බිලියන ගණනාවක ජනතාවට පනවා ඇති දැඩි සීමා කිරීම්වල ධනාත්මක බලපෑම්වලින් එකක් බවද නාසා පවසයි.

 


ඉන්ඩියා ටුඩේ ඇසුරිණි

085

(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

 



අදහස් (0)

කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site