IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන්

ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයකු වන වෛද්‍ය ෂෂාන්ක් ජෝෂී එන්.ඩී.ටීවී. පුවත් සේවයට පැවැසීය.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද 240ක් හමු වී ඇති බවත් ඉන් බොහෝමයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව, කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රජාව තුළින් වයිරසය ආසාදනය වෙනවා යන්න ‘‘මිත්‍යාවක්’’ බවත් එසේ ප්‍රජාව තුළින් වයිරසය ආසාදනය නොවීමට නම් සමස්ත ජනගහනයෙන් සියයට 80ක පිරිසකගේ ශරීර තුළ ප්‍රතිදේහ තිබිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සංගමයේ (ඕල් ඉන්දියා ඉන්ස්ටිටුයිට්ස් ඔෆ් මෙඩිකල් සයන්සස්) අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීප් ගුලේරියා පැවැසීය.

මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති නව ප්‍රභේද, කොරෝනා වයිරසයේ මුල් ප්‍රභේදවලට වඩා භයානක සහ සම්ප්‍රේෂණය වැඩි එනම් ව්‍යාප්තිය වැඩි ප්‍රභේද යැයි ද හෙතෙම කීය. මේ හමු වී ඇති නව ප්‍රභේදවලින් ඇතැම් එවා වයිරසය ආසාදනය වී සිරුරේ ප්‍රතිදේහ සංවර්ධනය වූ අයට ද නැවත වයිරසය ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද හෙතෙම කීය.

ඉන්දියාව මේ වනවිට එරට එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මුල් පෙළ සිටින සේවකයන් කෝටි තුනකට එන්නත ලබා දේ. ඉන් අනතුරුව අවුරුදු 50ට වැඩි සහ අවදානම ඇති කෝටි 27කට එන්නත ලබා දේ.

මේ තිබෙන තත්ත්වය පහසුවෙන් සැලකිය නොහැකි බවත් වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම යනාදී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් දිගින් දිගටම පිළිපැදිය යුතු බව ද හෙතෙම කීය.

ඊට අමතරව ඉන්දියාව පරීක්ෂණ, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සහ ආසාදිතයන් හුදෙකලා කිරීම සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු යැයි ද ඔහු කීය.

එමෙන්ම එන්නත්කරණ වැඩසටහන ද අඛණ්ඩව පවත්වාගෙන යුතු බව වෛද්‍ය ගුලේරියා වැඩිදුරටත් කීය.

 

එන්.ඩී.ටීවී. සහ ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


055



අදහස් (0)

කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 331 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site