IMG-LOGO

කොරෝනාවෙන් සුවය ලැබුවත් ගෙදර එන්න බස් නෑ

(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සදහා කල්මුණ මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ ගම්පහ ප්‍රදේශයේ හැට දෙනකුගෙන් සමන්විත පිරිසක් සුව වීමෙන් පසු ප්‍රවාහන පහසුකම් නැතිව සති දෙකකටත් වැඩි කාලයක් මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලේ ඉතා අසරණව සිටින බව ඔවුහු පවසති.

කොරෝනා වයිරසය ආසාධිත බවට හඳුනා ගැනීමෙන් පසු සති දෙකකට පෙර බස් රථ දෙකකින් ගම්පහ සිට මෙම පිරිස මරදමුනෙයි රෝහල වෙත රැගෙනවිත් ඇතුලත් කර ඇත.

දින 10 ක් සම්පූර්ණවීමෙන් පසු ආපසු යාහැකි බව පවසා ඇතත් මේ වනවිට සති දෙකක් ඉක්ම ගොස් ඇතැයි ඔවුහු පවසති.

කුඩා දරුවන් 15 ක්ද වන බවත් ඒ අතර මාස නවයක් වයසැති බිළිදකු ද වන බවද ඔවුහු සදහන් කරති.

දින දහයකට ප්‍රමාණවත් ඇදුම් හා කුඩා දරුවන්ට අවශ්‍ය ආහාර පාන ආදිය තමන් රැගෙන ආ බවත් ඒවා මේ වනවිට අවසන් වීමෙන් දරුවන් කුසගින්නේ තැබීමට සිදුව ඇතැයිද ඔවුහු සදහන් කරති.

 



අදහස් (9)

කොරෝනාවෙන් සුවය ලැබුවත් ගෙදර එන්න බස් නෑ

C.K.Lankaputhra. Wednesday, 05 May 2021 12:07 PM

මොනව කරන්නද? ඉවසලා ඉන්න, ආණ්ඩුවට සල්ලි නෑනෙ. පෝට් සිටිය පාස් උනාම බස් එකක් එවන්නම්.

:       65       58

sugath Wednesday, 05 May 2021 12:30 PM

ලංකාව වැනි රටක ඉපදීම පවක් ලෙස දැනෙන්නේ මට පමණද?

:       98       55

නිසල්Wednesday, 05 May 2021 03:10 PM

ඔව්. ඔබට විතරයි...

:       0       0

Senaka Wednesday, 05 May 2021 02:19 PM

දැන් සැපද? ඔහොම බලන් ඉන්න. පළාත් සභා ඡන්දෙ කිට්ටු වුණාම බස් එවන්නම්. ගමට ඇවිත් ඡන්දෙ දෙන්න.

:       8       6

Don perera Wednesday, 05 May 2021 02:22 PM

සුගත්, ඔබ හරි ඒවා මෙයාලාට තේරෙන්නේ නැහැ.

:       14       3

ranjith Thursday, 06 May 2021 01:16 AM

අනේ රටකට ගිය කලක්

:       16       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 May 2021 01:22 AM

අම්මෝ .. ඒ උනාට රජවාසල සමහර ඇත්තන්ගේ හා වියත් මගෙන් ගිය සමහර දෙනාගේත්,කටවල් වල සව්දම නම් කොහොමද ? රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ වගෙයි කතාව ... කතාව දොලාවෙන්.ඒ උනාට ගමන පයින් .

:       15       5

dhamneth Thursday, 06 May 2021 02:50 AM

දුර බස් ගමන් සේවාත් සීමාකර ඇති නිසා රෝගීන් එම දිස්ත්‍රික්කවලම නිරෝධායනය කිරීමට කටයුතු සලස්වන්න බැරිද?

:       6       19

fairoos Thursday, 06 May 2021 07:08 AM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැ

:       8       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 580 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site