(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමස්ත ලෝකයම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රටේ පරිපාලන හා රාජ්‍ය යාන්ත්‍රණ නීති පද්ධති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කොරෝනා පැතිරවීමට කටයුතු කිරීම නිසා ඉදිරි මාස කිහිපයේ දී රට බරපතල ඛේදවාචකයට තල්ලු විය හැකි බවද අබෙිවර්ධන මහතා කීය.
"කිසිම චක්‍රලේඛයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට නිකුත් කරන්න බැහැ. ඕනෑම චක්‍ර ලේඛණයක් නිකුත් කිරීමේදී නිසි ක්‍රියාමාර්ගය නම් එය නීතිපති දෙපාර්තමේන්තුවට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යවා අනුමත කරගෙන, නීතීපති උපදෙස් ලබාගෙන මූලික අයිතිවාසිකම්වලට හරස් නොවන ලෙස චක්‍ර ලේඛණ නිකුත් කිරීමයි. හිතුමතේට කාටවත් නිකුත් චක්‍රලේඛ කරන්න බැහැ"යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ කුහක මිනිස්සු දැනගන්න ඕනේ රටේ ප්‍රශ්න තියෙද්දී අනවශ්‍ය දේවල් නොකර ඉන්න. හිඟන්නාගේ තුවාලේ වගේ කරන්නේ විරෝධතා විතරයි. එක ජවිපෙ නායකයෙක් කීවේ නැහැ මිනිස්සුන්ට රජයේ අවවාදත් එක්ක ජීවත් වෙලා රජයේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට සහය දෙන්න කියල. සයිටම් වහගත්ත අනුරගේ,ලාල්කාන්තගේ දරුවෝ ඉගෙන ගත්තේ පුද්ගලික විශ්වවිද්‍යාල වල ,පෙරටුගාමී නායකයාගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නව. ලංකාවේ දරුවෝ නෙපාලයේත් ගිහින් MBBS කරනවා .ඒ මේ කුහක ජවිපෙ රැල ලංකාවේ ප්‍රශ්න ඇතිකරන නිසා
අයිතිවාසිකම්ම ඉල්ලලා තමයි අපිට මේ හෙනේ වැදුනේ .තමන්ගෙන් රටට වෙන්න තිබෙන යුතුකම් ඉටුකිරීමට ජනතාව පෙළ ගස්වනවා. පැය 8 වත් හරියට වැඩ කරන්න කියනවා.
ඉතින් ඔයා කලබල වෙන්න එපා. මේ මොහොතේ ඔයාගේ අනාගත ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවට එවිල්ල ඉන්නේ. එයා මේ කොරෝන ප්‍රශ්නය විසඳන්න තමයි මේ මොහොතේ පාර්ලිමේන්තුවට ආව කියල එයාම කිව්වා. සීනි නැතුව කළු කෝපි බීල මේ ප්‍රශ්න විසඳාවි.
ජනතාව මතක් වෙන්නේ විරුද්ධ පක්ෂයේ සිටිනකොට පමණක්ද? එකල වහසි බස් දොඩමින් ඔළුව උදුම්මවාගෙන ජනතාව සතු දේ ගසාකමින් සිටි මේ අය වගේම දැන් අයද ජනතාව ගැන සිතුවේ නම් අඩුමිලට ලැබෙන ආහාර සහ අලුත් වාහන ප්‍රතික්ෂේප කළ යුතුයි...
දැන් කවුද මේවා කියවන්නේ...?