IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කිරින්ද මුහුදේ ගිලී පියා - දියණියන් දෙදෙනා මරුට : මව රෝහලේ

 (සනත් ගමගේ)
 
කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇතැයිද, මව රෝහල්ගත කර ඇතැයිද කිරින්ද පොලිසිය කියයි.
 
යාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පිරිස හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. 
 
සිද්ධියෙන් දිවි ගලවාගත් මව තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කිරින්ද පොලිසිය පවසයි.
 
දියවැලට හසුව අතුරුදන්ව සිටි තිදෙනාගෙන් පියා සහ දියණියන්ව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරමය සහ  කිරින්ද පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

කිරින්ද මුහුදේ ගිලී පියා - දියණියන් දෙදෙනා මරුට : මව රෝහලේ

nimalka Sunday, 23 June 2019 10:23 AM

සිංහල ජාතිය අවසාන වෙන්නේ නාන්න යාමෙන් සහ වාහන භාවිතයෙන්.

:       0       23

Chanak los angeles Sunday, 23 June 2019 07:20 PM

මුහුදේ දියවැල් ඒමේ අගය තිබෙන්නේ අඩු සම්භාවිතාවයක... සිද්ධ වෙන්නේ පිහිනීමට නොදත් කෙනෙක් සුළු රළ පහරකට මුහුණ දුන් විට පැනික් (නොසන්සුන්) වීමෙන් ජලය පෙවීමයි. පිහිනීමට නොදැන ජලාශයකට ගොඩවෙනවා නම් ආරක්ෂක ඇඳුම් සහිතව ගොඩවීමයි කළයුත්තේ..

:       0       2

de silva Monday, 24 June 2019 08:28 AM

ලංකාවේ වටේම මුහුද තිබුණත් මුහුද රළු නිසා වැඩි දෙනෙක් පිහිනන්න දන්නේ නැහැ. කරුණාකර මුලින්ම ලංකාවේ සියලුම ප්‍රධාන නගරවල පොදු පිහිනුම් තටාකය බැගින් ඉදිකර පාසල් සිසුන්ට පිහිනීම පුරුදු කරන්න. හවසට පිහිනන්න ඉගෙන ගන්න කැමති අයට සාධාරණ ගාස්තුවක් ගෙවා පිහිනන්න පුරුදු කරන්න. කැමති කෙනෙකුට සාධාරණ ගාස්තුවක් ගෙවලා පිහිනීමට ඉඩ දෙන්න. එතකොට පිහිනුම් තටාකය නඩත්තු කරන්න මුදල් හොයාගන්න පුළුවන්. පිහිනුම් තටාකයක් ඉදිකරන්න යන මුදල ප්‍රාඩෝ එකක මිලට වැඩිය බොහෝ අඩුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site