
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී,මන්ත්‍රිනීන් කළු පටි පැලද පා පැදිවලින් අද (17 ) මාසික සභා රැස්වීමට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී පාලක පක්ෂයේ උප සභාපති ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූහ.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවර මාසික සභා රැස්වීමට කළු පටි පැළද පා පැදිවලින් පැමිණ සභාව ඉදිරිපිටට පැමිණ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පා උද්ඝෝෂනයේ යෙදී සිටියහ.
ඉන් අනතුරුව ඔවුහු මාසික සභා රැස්වීමට සහභාගිවීමට යාමේදී මග රැදී සිටි පාලක පක්ෂයේ උප සභාපති නිමල් බන්දු මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ කතා බහක් දුර දිග යාමෙන් අනතුරුව් ඔවුන් දෙපිරිස අතර දැඩි උණුසම් කතා බහක් ඇතිවූහ.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධව රජයට චෝදනා කරමින් සභා ගර්භයට පැමිණෙමින් සිටියදී ඊට විරෝධය පාමින් උපහාසාත්මක ලෙස උප සභාපති නිමල් බන්දු මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කිරීමත් සමගම ඔවුන් දෙපිරිස ඇතර මේ උණුසුම් තත්ත්වය ඇති වූහ.



								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1949										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි