(රේඛා තරංගනී ෆොන්සේකා)
කරදියාන කසළ අංගනය දකුණුපස නායයෑමේ අවදානමක් හේතුවෙන් එම කලාපයෙන් පවුල් 15ක් ඉවත්කිරීමට කටයුතු කළ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන් ලබාගත් තත්ත්ව සහතිකයට අනුව ජනතාව ඉවත් කිරීමට පියවර ගත් බව ඔහු පැවසීය.
කෙටිකාලීන විසඳුමක් ලෙස ඉවත්කළ නිවැසියන්ට මාස හයකට කුළී පදනම යටතේ නිවසක් ලබා ගැනීමට රුපියල් 20,000 බැගින් ලබා දී ඇති බව සඳහන් කරන මාන්නප්පෙරුම මහතා ඉවත්කළ නිවැසියන්ගේ ඉඩම් තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවද පැවසීය.
ප්‍රධාන පවුල් 13ක් සහ අනුපවුල් දෙකක් මෙසේ ඉවත්කර ඇති අතර එසේ පවරාගන්නට සැලසුම් කරඇති ඉඩමේ ප්‍රමාණය අක්කර 6ක් බව ඒ මහතා පැවසීය.
ජීවිත අහිමීවීමේ ඛේදවාචකයක් නොවනු පිණිස අධිකාරියක් ලෙස කසළ අංගනයේ වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසුවන බව සඳහන් කරන අධ්‍යක්ෂකවරයා වැසිසහිත අයහපත් කාලගුණික තත්වවලදී වුවද කුණු කන්දේ වෙනස්වීම් අධීක්ෂණය කර අවදානම ඉවත්වන ලෙස සැලසුම් සකස් කරන බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරදියාන කසළ අංගනය නායයාමේ අවදානමක
sarath Tuesday, 25 June 2019 05:09 AM
කුණු කන්දක් කළමණාකරණය කරගන්න බැරි මේ දේශපාලකයන් රටක් පාලනය කරන්නේ කොහොමද. රට පුරා මත් කුඩු වැහි වැහැලා, ආර්ථිකය බිම.
දිමුත් Tuesday, 25 June 2019 05:14 AM
වෙන රටවල කසල සම්පතක්. අපේ රටේ?
sharm warn Tuesday, 25 June 2019 06:25 AM
කරුණාකර මේ කසල කළමනාකරණය රටට ආදායමක් ගන්න කටයුතු කරන්න ජනතාවට ඉඩ දෙන්න.