IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කරුණා අම්මාන් සීඅයිඩීයට කැඳවයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

කොටි සංවිධානයේ නායකයකු ලෙස කටයුතු කළ සමයේදී ඔහු විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 2000-3000ක් අතර පිරිසක් කිලිනොච්චියේදී ඝාතනය කළ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේය.



අදහස් (22)

කරුණා අම්මාන් සීඅයිඩීයට කැඳවයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 01:21 PM

මේ පිළිබඳව විනිවිද භාවයෙන් යුතු සාධාරණ පියවරක් ගැනීම ගැන රටක් ලෝකයක් බලාහිඳිනවා. සාධාරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොසත් වුවහොත්, අදාළ අංශ කෙරෙහිත්, නීතිය කෙරෙහිත්, මහජන විශ්වාසය පලුදුවේවි..!!! කෙසේවෙතත්, මේ කරුණා අම්මාන්ට මෙසේ කියන්නට හෝ එසේ කරන්නට රජයෙන් හෝ වෙනත් කවුරුන් හෝ කියා නැහැ.. ඒ නිසා රජය මේ ගැන කලබලවිය යුතු නැහැ.. ඒ නිසාම මේ ඡන්ද කාලේ අහක ඉන්නා නයින් රෙදි අස්සේ දමා නොගැනීමට රජය පරිස්සම් විය යුතුයි.

:       238       208

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 June 2020 01:58 AM

මා මේ පෙන්වා දෙන්නේ කාටත් අමතකව ගිය දෙයක්.. අර අපට දෙමළ මිනිසුන් යුද්ධයේදී ඝාතනය කළා කියා චෝදනා ගෙනාපු රටවල අය, මානව හිමිකම්වල අය ඇයි මේ ගැන නිහඬ...? මේවා පේන්නේ ඇහෙන්නේ නැතිද?... වැරදිලාවත්, සිංහල හමුදාවකින් මෙහෙම දෙයක් පිටවුණා නම්, වැඩේ මේ වෙනකොටත්, පටන් අරන්... සිංහල පරම්පරා 2000 ක් 3000 ක් මේ රටෙන් සමුගත් බව සිහිවෙන්නේ මට විතරක් නෙමෙයි නේද? මේකට මොනම හෝ දේශපාලනයක් ගාවා ගන්න එපා.. මේක සිංහල ජාතිය ලොවෙන් තුරන් කළ අවස්ථාවක්... ඒ නිසා මෙය සුළුපටු දෙයක් නොවේ ...

:       0       139

ranaTuesday, 23 June 2020 06:52 AM

පොහොට්ටු දේශපාලකයින් මෙ සියලු අපරාධකරුවන් සාධාරණීකරණය කරන පිළිවෙත බලන්න. කුමන කෙනෙක් හෝ ඔප්පුවන අපරාධයකට වගකිව යුතු නොවේද? නීතියේ සාධාරණය, නීතිගරුක සමාජයක් බිහි කරනු ඇති නොවේද?

:       1       129

RaveendraTuesday, 23 June 2020 02:43 AM

ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. මේ සිටින්නේද තවත් එක් සටකපට මිනීමරු දේශපාලුවෙකි.. මොහුද දියවන්නාව පටිටියේ නැවත වරක් සිටීමට සියලුම පාපතර සුදුසුකම් සපුරා ඇති බව සතුටින් දැන්වීමට කැමැත්තෙමු.

:       0       58

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 June 2020 06:21 AM

ස්තූතියි රවීන්ද්‍ර මහතාණෙනි...

:       0       10

siri Monday, 22 June 2020 01:28 PM

අහ අහා ඉන්න දෙයක් නැහැ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් අල්ලාගත් වීඩියෝ පට පරීක්ෂාකර බැලුවානම් වැඩේ මාට්ටු...

:       0       207

අභය Monday, 22 June 2020 02:28 PM

කොන්ද පණ ඇති නායකයෙක් පත්කර ගැනීම ගැන සතුටුවෙමි...

:       2182       486

isuru Monday, 22 June 2020 02:47 PM

ඔන්න සුපුරුදු නාඩගමම පටන්ගන්නයි යන්නේ...

:       28       156

jinasiri Monday, 22 June 2020 02:48 PM

ජනතාව රවටන්න හපන්නුලා...

:       0       50

kanthi Monday, 22 June 2020 02:50 PM

මෙන්න මෙයාලා පරණ සෙල්ලම පටන් අරන්...

:       0       103

janith Monday, 22 June 2020 03:06 PM

LTTE යට මුදල් ප්‍රෙකා්ටි ගණන් දීපු අයට මේකත් කජ්ජක්ද ළමයෝ...

:       69       685

RasikaMonday, 22 June 2020 06:46 PM

කව්ද පියාණෝද? මුදල් විතරක් නෙමෙයි, ආයුධත් දාන්න...

:       1       0

chandima Monday, 22 June 2020 07:32 PM

ඔබ කියන්නේ ඇත්ත, මිලියන් 600ක් ටිරාන් කාරයාට දුන්නේ බැසිල් බව නොදන්නා කෙනෙක් නැහැ. ටිරාන් ඒ සල්ලි කොටියට දීලා කිව්වා යාපනේ ඡන්ද තහනම් කරන්න කියලා. එ් නිසා මහින්ද ඡන්දෙන් දිනුවා...

:       0       14

tharidu Monday, 22 June 2020 03:42 PM

කරුණා අම්මාන් රාජපක්ෂ වෙයිද මන්දා..?

:       0       0

ජයන්ත මිලානො Monday, 22 June 2020 04:19 PM

මේවා ඔක්කෝම නාඩගං. කරුණා අම්මාන්ව හිරෙ දමයි. බෞද්ධ ජනතාව හුරේ දමයි. ඡන්දෙට වාසිය ගනියි. මෝඩ ජනතාව තව අවුරුදු 5ක් හූල්ල හූල්ල ඉඳියි. මොලයක් නැති ජනතාවට එසේ විය යුතුයි.

:       0       0

Perera Monday, 22 June 2020 06:47 PM

මේ ටෙලිනාට්‍යයේ ඊළඟ ජවනිකාව... අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කිරීම... ඊළඟ ජවනිකාවට කළින් තවත් මෙවැනිම ටෙලිනාට්‍යයක් පටන්ගැනීම...

:       0       0

ජනිත් Monday, 22 June 2020 11:40 PM

වැඩේ නම් හොඳයි වගෙයි. නමුත් මේක හැමෝටම සාධාරණ වෙන්න ඕනෑ. ජේවීපී ත්‍රස්තවාදය තිබුණු කාලේ දහස් ගාණක් ජීවිත විනාශ කරපු දේශපාලකයින් පිරිසක් සිල් අරගත්තා වගේ තවමත් වේදිකාවේ කතා පවත්වනවා. ත්‍රස්තවාදී කල්ලියට අයිති කට්ටිය වගේම වධකාගාර නඩත්තු කරමින් ඒවාට ඍජුවම සම්බන්ධ වෙලා නියෝග දුන් කට්ටිය ගෙන්නලා ප්‍රශ්න කරන්න. ලංකාව ලෝකයේම බැබැළවීමට වැඩ කරන්න ඕනෑ...

:       70       75

චන්දන Tuesday, 23 June 2020 12:26 AM

කොටි කල්ලිය සතුව තිබුණු ආයුධ කන්දරාව දැක්කම නම් කරුණා වගේ උදව්වක් නැතිව දිනන යුද්ධයක් බොහෝ අසීරු වෙන්නට තිබුණා. අපි අවිහිංසාව අනුමත නොකළත් තවදුරටත් මරණ වළක්වා ගන්න කරුණා සම්බන්ධ කරගත් එක යුද්ධ උපක්‍රමයකි. නමුත් ඔහු පුරසාරම් දොඩවන්නේ නම් ඒකට විමර්ශන කරන්න ඕනෑ...

:       0       17

Nishan Tuesday, 23 June 2020 02:19 AM

සර් එන්න කියලා හොඳට කන්න බොන්න දීලා පිටත් කරයි...

:       0       123

Rohana Tuesday, 23 June 2020 02:26 AM

ප්‍රකාශය දුන්නා. මැතිවරණය පැවැත්තුවා. කවුරු හරි දිනුවා. සියල්ල එතැනින් අහවරයි.

:       0       8

ana Tuesday, 23 June 2020 07:07 AM

බලාගෙන ඉඳපල්ලා සාධාරණයක් වෙයි. මෙපමණ දේවල් වෙද්දිත් අපේ මිනිස්සු තව බලාපොරොත්තු තියා ගන්නවනේ... ප්‍රභාකරන් අල්ලගෙන නඩු දැම්මත් නිදහස් වෙනවා.... මාධ්‍ය සංදර්ශන...

:       0       129

Rasika Tuesday, 23 June 2020 07:23 AM

කරුණා පැහැදිලිවම වැරැදි කරුවෙක්... ඒ වගේම කරුණා කළේ ප්‍රභාකරන්ගේ අණ ක්‍රියාත්මක කිරීමක්... ඒ නිසා මෙය තනි පුද්ගලයෙක් කළ දෙයක් නොවෙයි. LTTE එකේම වැරැදි තමයි. දඬුවම් දෙන්න ඕනෑ සියලුම LTTE සාමාජිකයින්ට වගේම ඒවා සාධාරණීකරණය කරන TNA ඇතුළු සියලුම දෙනාට... JVP එකත් දහස් ගණන් හමුදාවේ, පොලිසියේ සාමාජිකයන් ඝාතනය කළා. සහෝදරයා පොලීසියේ සේවය කළ නිසා මුළු පවුලම මරලා දැම්මා. ලියුම් බෙදුවා කියලා ලියුම් කාරයාව මැරුවා. මේ සියලු දෙනාට දඬුවම් දෙන්න ඕනේ... දැන් වෙස්මුහුණු දාගෙන ඉන්න ගොඩක් අය මේවාට සම්බන්ධයි.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31205 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13364 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site