IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කරුණා අම්මාන්ගේ ප්‍රකාශ වලින් සිදු වූ හානියට වන්දියක් ඉල්ලා පෙත්සමක්

(තිළිණි ද සිල්වා)

කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක්  ඉල්ලා  අභියාචනාධිකරණය හමුවේ අද (10) රීට් පෙත්සමක් ගොනු කෙරිණි.

කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙකු වූ බෝසෙත් කලෙහේපතිරණ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත්  කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ යලිත් විජේසුන්දර මහතා මාර්ගයෙන් ගොනු කළ රීට් පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු වෘත්තීයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වේ.එසේම කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකුද වේ.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදි.

ඉකුත් ජුනි 20 වැනි දා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වයිරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000 ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.

මීට අමතරව ඉකුත් ජුලි 03 වැනිදා ද කරුණා අම්මාන් විසින් තමන් කොටි නායක ප්‍රභාකරන් විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා මැරීමට උපදෙස් දුන් බවත් , එසේ කළා නම් කිසිදු ගැටලුවක් දැන් නැතැයි යනුවෙන්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරනු ලැබ ඇත.

මෙම ප්‍රකාශ දෙක තුළින් කරුණාඅම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294  යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත.

සාක්ෂි ආඥා පනතේ 17(1)  වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලීසියට පැමිණිලිකර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.

එබැවින් විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් වන්දියක් අය කර දෙන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කරනු ලැබ ඇත.



අදහස් (5)

කරුණා අම්මාන්ගේ ප්‍රකාශ වලින් සිදු වූ හානියට වන්දියක් ඉල්ලා පෙත්සමක්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 03:44 PM

සත්‍ය වශයෙන්ම, කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශ සුළුපටු ඒවා නොවේ. 2000 ක් 3000 ක් මැරූ බව හා අනෙකුත් ප්‍රකාශ එඩිතරව ප්‍රසිද්ධියේ පැවසීමට තරම් ඔහු මේ රටේ නීතිය හා සදාචාරය අමු අමුවේම උල්ලංඝනය කොට ඇත. එබැවින් ඔහුට දියයුතු දඬුවම කුමක්ද? යන්න ගරු අධිකරණය විෂය විසින් තීරණය කළ යුතුයි.. පිටුපසින් පැමිණි වාහනයක් ගැටීම නිසා පාඨලී චම්පික මහතාට රිමාන්ඩ් වීමට පවා සිදුවිය. එහෙත් මෙතරම් බරපතළ ප්‍රකාශ කළ කෙනා නිදැල්ලේය. නීතිය සැමට සාධාරණ විය යුතු වූවත්, කරුණා අම්මාන්ට නීතිය පක්ෂග්‍රාහි වී ඇති සෙයක් පෙනේ. කරුණාට එක නීතියකුත්, පාඨලීට එක නීතියකුත්, ගමේ දුප්පත් අසරණයාට තවත් නීතියකුත් තිබීම නීතියේ සිරිත නොවෙයි. නීතිය නම් සැමට සාධාරණ විය යුත්තේය. එහෙත් වර්තමානයේ සිදු නොවන්නේද එයමයි...

:       0       0

ranjith Saturday, 11 July 2020 12:16 AM

බලේට කෑදර සිංහල නායකයෝ නිසා රට පාච්චල් වෙනවා..

:       0       0

Nishan Saturday, 11 July 2020 07:10 AM

විපක්ෂයේ අය කැස්සත් නඩු දාන නීතිපති මේවට සද්ද නෑ.

:       64       124

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 09:05 AM

මට මේ නිකමට හිතුණේ, කරුණා අම්මාන් ලෝකයේ දියුණුම රටක දී ඒ රටේ හමුදාව දෙදහක්, තුන්දාහක් මැරුවයි කියලා ප්‍රසිද්ධියේ කිව්වොත් හරි, පිළිගත්තොත් හරි මේ කරුණා අම්මාන්ට මොනවා වේවිද? එහේ එහෙම වුණාට අපේ රටේ නම් හරිම සාධාරණ වැඩපිළිවෙළක් තමයි තියෙන්නේ... එහෙම කිව්වා කියලා කරුණා අම්මාන්ට මොනවද වුනේ...? වුණු දෙයක් නැහැනේ.. ප්‍රශ්නකළා. යැව්වා. ඒ වුණාට ඒ රටවල්වලදී නම්, මෙවැනි ප්‍රකාශ කරන අසරණයන්ට කිසිම වග විභාගයක් නැතුව දඬුවම් කරාවි. ඒ අතින් බලන විට අපේ රට මොනතරම් උතුම් රටක්ද..? ඇයි මේ වගේ අසරණයින්ට දඬුවම් කරන්නේ නැහැනේ.. ඒ අතින් බලන විට අධිරාජ්‍යවාදීන්ට, මහබලවතුන්ට වඩා අප මොන තරම් හොඳද? අපේ තියෙන්නේ මොනතරම් සාධාරණ වැඩ පිළිවෙළක්ද? ඇයි ඔවුන්ට අපව ආදර්ශයට ගන්න බැරි..? ඒ මිනිස්සු අපේ සමාජ මට්ටම්වල වටිනාකම තේරුම් අරන් නෑ මං හිතන්නේ.. ඒ මිනිස්සු මොනතරම් බාල, අනුවණ මිනිස්සුද..? කියලා වැඩක් නෑ.

:       0       0

ranjith Sunday, 12 July 2020 01:39 AM

මිනීමරු අපරාධකාරයින්ටත්, ඒ අය රකින අයටත් දෙවියෝ දඬුවම් දේවි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13622 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11019 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1035 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site