
( දසුන් රාජපක්ෂ)
හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ට පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට (18) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (17) නොතීසි නිකුත් කළේය.
කොමිසමේ සභාපතිවරයා මෙම නියෝගය කර සිටියේ කර්නල් ෂම්මි කුමාරරත්න මහතා මෙම ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අදාළවය.
ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි ඉදිරිපත් කර තමාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ ලබා ඇත්තේ දේශපාලනිකව පළිගැනීමට බව ෂම්මි කුමාරරත්න මහතා මෙම පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd