IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කුරුණෑගල පුර සභාව අමුතු තැනකින් පාසල් බඩු මිලට අරන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කුරුණෑගල මහ නගර සභාව  යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පිළිබඳව සොයා බැලීමේදී එය පාසල් උපකරණ අලෙවි  කරන ආයතනයක් නොව වාහන අමතර කොටස් අලෙවි කරන ආයතනයක් බවට  තොරතුරු  හෙළිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මිලදීගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් නිර්දේශයක් හෝ ලබාගෙන නොතිබූ බව විගණන වාර්තාවක සඳහන්වේ.

එසේම මෙම මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ  5:3:2:වගන්තියට අනුකූල නොවී පුවත්පත් දැන්වීමක් පළකර තිබූ බවත් 6:2:2 වගන්තියට අනුකූලව ප්‍රසම්පාදනය සඳහා දින 21 ක් ලබාදිය යුතු වුවත්  ලබාදී ඇත්තේ දින නවයක්  පමණක් බවත් 
විගණන  විමර්ශනවලදී  තොරතුරු හෙළිවී ඇත.

නගර සභාව මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නගර සභා ප්‍රධානීන්ට අප්‍රසාදය පළකර  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුණෑගල මහ නගර සභාවේ 2016, 2017, සහ  2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධන පරීක්ෂාව සම්බන්ධයෙන්  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නියෝග සඳහා   විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කරමින් මෙම වාර්තාව පිළියෙල කරනු ලැබ ඇත.



අදහස් (15)

කුරුණෑගල පුර සභාව අමුතු තැනකින් පාසල් බඩු මිලට අරන්

අනුරුද්ධ Sunday, 28 November 2021 04:20 PM

ආදායම් බදු වංචා කිරීමටත් ඔහොම කරන අය ඉන්නවා. රත්නපුර බණ්ඩාරනායක මාවතේ සමුපාකාර මණ්ඩලය ඉදිරිපිට ගොඩනැගිල්ලක ඉහළ මාලයේ එක් නාමපුවරුවක් සවිකර තියෙනවා... කිසිම භාණ්ඩයක් නැහැ.. නමුත් ඔහු රජයේ සැපයීම කරනවා. වංචාවන්ට ඉඩ ඇති මෙහෙම දේවල් ගැන පරික්ෂා කළයුතුයි.

:       0       20

Raveendra Sunday, 28 November 2021 04:23 PM

එදත් හොරු අදත් හොරු... වෙනසකට තිබෙන්නේ කාලකන්නි පක්ෂවල සහ ඒ ඒ කාලකන්නි පක්ෂවල පාටෙහි වෙනස.. මෙහි නියම හාස්‍ය නම් එදා මහජන මුදල් හොරා කෑ තක්කඩි හොරු රැල මෙදා මහජන මුදල් හොරාකන හොරුරැලට හොරා කනවෝ කියමින් තමන්ගේ හොර ඇඟිලි දිගුකිරිමයි...

:       2       21

Jonstan Sunday, 28 November 2021 05:00 PM

එක මයිල් ගහක්වත් හොල්ලන්න බෑ, හරියැ...?

:       1       34

susantha Sunday, 28 November 2021 05:16 PM

කුරුණෑගල පක්ෂ නායකයාගේ කැරැට්ටුව රටම දන්නවනේ. ඉතින් ගෝලයින් ගැන මොනවා අහන්නද? ඔය ගෝලයෝ තමයි ලොක්කව නග්ගලා උඩින්ම දිනන්නේ...!

:       1       34

රට වැසිය Sunday, 28 November 2021 05:19 PM

කුරුණෑගල තමයි බුල්ඩෝසර් කාරයින් ඉන්නේ - රාජ සභාව බුල්ඩෝසර කරපු අයට, ලක්ෂ 50ක් මාටියා ගහන එක ඒ තරම් වැඩක්ද? රටේ දේපළ ප්‍රසිද්ධීයේ මංකොල්ල කෑම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා...!

:       0       31

පිටිගල මිලානෝ Sunday, 28 November 2021 05:38 PM

නගරාධිපති සාටකයක් දාගෙනද ඉන්නේ...?

:       3       31

susantha Sunday, 28 November 2021 06:29 PM

අගමැතිත් ඡන්දෙ ඉල්ලුවේ කුරුණෑගලින් කියන්නේ ඇත්තද? එහෙනම් ඉතින් ගෝලයින් ගැන කවර කතාද?

:       3       30

eranga Sunday, 28 November 2021 07:54 PM

ගුරා හිටගෙන කරනකොට ගෝලයින් දුවදුව කරනවා වගේ... !!! 

:       0       4

උපාලී Sunday, 28 November 2021 09:45 PM

ජොනී ඉන්න කන් අපි බය නෑ. මීට සැපයුම්කරු...

:       0       0

69lakshaya Sunday, 28 November 2021 11:01 PM

මොකක්ද ප්‍රශ්නේ..? මේවා දැන් ලංකාවේ සාමාන්‍ය දේවල්නේ...?

:       0       0

B..B.R. Basnayake Monday, 29 November 2021 07:47 AM

සමහරු මේ වාර්තාව හරියට කියවන් නැතුව අදහස් පල කරල තියෙන්නෙ. 2016, 17, 18 වර්ෂ වලට අදාල විගණන වාර්ථව ගැනයි ලිපියේ සදහන් වන්නේ.

:       0       0

rathanayaka Monday, 29 November 2021 10:49 AM

හොරෙක් නගරාධිපති වීමේ ප්‍රතිවිපාක...

:       0       4

Deepal Nirosh Monday, 29 November 2021 11:19 AM

කරුණාකරලා ඔය විමසුම් ආ තැනින්ම හමස් පෙට්ටියට දාන්න, අපේ පුරපතිගෙ එක මයිල් ගහක්වත් හොලවනවා නෙවෙයි. එක පාරක් කිව්වාම අහනවා...

:       0       3

Hafeel Monday, 29 November 2021 12:13 PM

එකත් 2016, 2017, 2018 වර්ෂවල සිදුවූ වංචා ගැන දැන් තමයි සොයා බලන්නේ.

:       0       1

Hema Monday, 29 November 2021 11:44 AM

කුරුණෑගල 65%කට විතර සා/පෙළ වත් සමත් නෑ... හොරුන්, මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පාලනය කරනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site