
(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති , නාගරික ඉංජිනේරු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙසේත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු වරෙන්තුව ක්‍රියාත්මක වීම ලබන 24 වැනිදා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද ( 12) තීන්දු කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනා ගොනු කළ රිට් පෙත්සම් සළකා බලමින් අභියචනාධිකරණය මගින් මෙම නියෝගය ලබා දෙන ලදි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ලබා දෙන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට වැටලීම්වලින් අසුවන වරෙන්තුකරුවන්ටත් පොඩි ට්‍රයි එකක් දුන්නොත් කල් අරගන්න පුළුවන්..
ඕකනේ මම කිව්වේ 2/3 ගන්න පොඩ්ඩක් ඉන්න කියලා. කොහේද තදියමනේ. කවුරුහරි දේශපාලකයෙක් මොන වැරැදි වැඩේ කළත් අවුලක් නැහැනේ.
ආසියාවේ ආශ්චර්යය.
මෙහෙමත් අධිකරණයක්.... ඕක අවුරුදු 5කට වහලා දාන්න.
නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාණෙනි, මේ වගේ නඩු තීන්දු අහද්දී ඔබතුමා කොයිතරම් සත්‍යවාදී අදහසක්ද ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරලා තිබුනේ කියලා හැම මොහොතේම සිහියට නැගෙනවා..." මා ජනාධිපති ලෙස පත්වූ වහාම, දූෂිත විනිශ්චයකාරවරුන් ගෙදර යවමි. ඒ වෙනුවට ශක්තිමත්, අවංක, අපක්ෂපාති, දේශපාලකයින්ට නොනැමෙන, විනිශ්චයකාරවරුන් පත්කරමි." ඒ වෙනස දකින්නටත් අපි අවාසනාවන්ත වුයේ බයියන්ගේ ටකරම් ඡන්ද නිසයි. නැතිනම් බත්මුල්, අරක්කු ඡන්ද නිසයි. නීතියේ ස්වාධිපත්‍ය අරක්කු වීදුරුවකට විකුණන රටක්.. ලැජ්ජයි. මෙවැනි විනිශ්චයකාරවරුන්ගෙන් රටට කෙසේවෙතත් දූෂිත, බාර් කාරයින්ට නම් සෙතක් සැලසෙන බව පෙනෙනවා.
මහාමාර්ග සංවර්ධනය වෙනුවෙන් බුවනෙක හෝටලය කැඩීමේ කිසිම වරදක් නැහැ. වරෙන්තුව අත්හිටවීමට ගරු අධිකරණය ලබා දුන් තීන්දුවට අපගේ බලවත් ආචාරය..!!
අවිචාරවත් ක්‍රියාදාමයක ආරම්භය...
තාම රස්නෙ ගියෙත් නැහැනේ... වැඩ පටන් අරන්...
අධිකරණයට ගරු නොකර හැංගිලා ඉන්න අයට... ඇයි අධිකරණය මේ වගේ තීන්දු ගන්නේ? මේකෙන් වෙන්නේ තවතවත් වැරැදි වැඩ කරන්න බය නැතිවෙනවා ජනතාව...
මෙහිදී සිදුකොට ඇත්තේ අධිකරණ වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීම පමණයි. ඒකෙන් විත්ති පාර්ශවයට පක්ෂපාති වීමක් හෝ අවනත වීමක් ගැන කියවෙන්නේ නැහැ. නීතිය ක්‍රියාවේ යොදවන විනිසුරුතුමන්ලා ට නීතියේ රාමුවට පිටින් යන්නට බැහැ. නීතිය හා එය ක්‍රියාවේ යොදවන අය සර්ව සාධාරණ දෙවිවරුන් බවට සුදුහුණු ගෑමක් මෙහිදී මා කියා නැහැ. ඒ කෙසේවෙතත්, මේ රෝම ලන්දේසි නීතියේ තිබෙන අඩුපාඩු හා දුර්වලකම් සංශෝධනය කොට නීතිය රටට හා ජනතාවට වඩාත් වැඩදායි ආකාරයට යෙදවීමට කාලය පැමිණ ඇත. එහෙත්, ඒ සඳහා අපේ රටේ මිනිසුන් කොතරම් දුරට බුද්ධිමත් දැයි දන්නේ නැහැ.
ඉඩම් ජාවාරමකට අහුවෙලා වැඩ තහනමකට ලක්වෙලා හිටපු නවාස්ව ආපහු ගෙනැල්ලා අභියාචනාධිකරණයේ සභාපති පුටුවේ වාඩි කෙරුවේ අවස්ථාව අනුව නීතිය නවලා තීන්දු ලබාගන්න.