
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට හිතවත් විශාල පිරිසක් කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට පැවති මෙම විරෝධය එක්ව සිටියහ.
" නීතිපති සමගි ජන බලවේගයට කඩේ යයි , වරෙන්තු නැති වරදකට නීතිපති වරෙන්තු ඉල්ලුවේ ඇයි ?, රජයේ නිලධාරීන් බිය වද්දන නීතිපති මාෆියාවට එරෙහි වෙමු , පුරාවිද්‍යා කොමසාරිස්ගේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමු පුරාවිද්‍යා රක්ෂිතයක්නම් ගණිකා මඩම් දමනතුරු නිහඬ වුණේ ඇයි " ආදි වැකි සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස පැයකට අධික කාලයක් පැවති වැසි තත්ත්වයද නොතකමින් විරෝධතාවයෙහි නිරත වූහ.
රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා ඇතුළු එම කාර්යමණ්ඩලයේ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය සිකුරාදා (7) කුරුණෑගල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.
ඒ අනුව අද දිනයේ ඔවුන් පස්දෙනා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණයට බාරනොවී අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා විය.


COMMENTS
ලංකාවේ තාම ලෝකෙ ඉන්න හොදම වහල්ලු ඉන්නෙ පුදුම දුකක් තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන.
ජය වේවා. දැන්මම වැඩ පටන් අරන්. අපේ රටට, නීතියට දෙවියන්ගේම පිහිටයි.
දේශපාලන බත් බැලයින් තවමත් වහල්කම් කරන හැටි හරි අපූරුවට පේනවා. සිස්ටම් චේන්ජ් එකක් මේ කපේදි වෙන්නෙ නෑ කවුරු බලයට ආවත්.
අත්අඩංගුවට ගත්තගමන් රෝහල් ගතකරාවී. මොකටද ඔය විරෝධතා.
මිනිස්සු නීතිය අතට ගැනීම රටට යහපත් දෙයක්ද.?
රුපියල් දහ දාහක් වියදම් කරාම මේ වගේ ටිකක් එකතු කර ගන්න පුලුවන්.
උපරිම දඬුවම දිය යුතුයි. නූගතුන් රජවීම වැළැක්විය යුතුයි.
පුරාවස්තුව කඩපු කෙනාගේ රෝමකූපයක්වත් හොලවන්න දෙන්නේ නැහැ කියපු කෙනා ඉහළින්ම දිනවපු අය ඉන්න පැත්තේ... මේ උද්ඝෝෂණ ගැන කවර කථාද?
කොහොමත් ලංකාව හැදෙන්න සංස්කෘතික පරිවර්තනයක්, සංස්කෘතික පිපිරීමක් වෙන්න ඕනෑ. රනිල් 2002 ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ ගෙනැල්ල කරන්න හැදුවේ ඒක. නමුත් අපේ සංස්කෘතික නහරේ කපන ඔපරේෂන් එක බටහිර ගැති නායකයෙක් අතින් වෙන එකට සිංහලයා කැමති නෑ. අනිත් එක බටහිර ගැති නායකයෙක් සංස්කෘතියට අත තිබ්බොත් ඒක බටහිර වුවමනාවන්ට වුණු දෙයක් කියලා අපිට සැක හිතෙනවා. අකමැත්තෙන් වුණත් ඒ සංස්කෘතික නහරෙ කපන ඔපරේෂන් එක මහින්ද මැතිතුමා අතින් කෙරෙන්න නියමිතයි. සංවර්ධනය කරද්දී ඉතිහාසය, සංස්කෘතිය ලේයර් විදියට එක උඩ එක තියාගෙන යනවා මිසක් සැලඩ් එකක් විදියට තියාගන්න ගියොත් ඒ රට දියුණු කරන්න බෑ.. කුරුණෑගල රාජ සභා මණ්ඩපේ ඩෝසර් කරන වැඩේදී සිංහලයා කිසිම බයක් සැකක් නැතුව තියටර් එකට ගිහින් නිර්වින්දනය වුණා. දැන් තියෙන්නේ ඔපරේෂන් එක කරන්න. සිංහලය ඇත්තටම සංස්කෘතියට ඔය තරම් ආදරේ නම් මෙහෙම උද්ඝෝෂණ කරාවිද? නෑ ඇත්තටම සිංහලයාට සංස්කෘතිය එපාවෙලා තියෙන්නේ...
සිංහල රජ සමයට අයිති දේ වැනසුවාම හුරේ දාන්නේ ඇයි?
වැරැද්දට සහයදීම, අනුබල දීම දෙකම වැරද්දක්, මේ විරෝධතාවේ ඉන්න ඔක්කොම අත්අඩංගුවට එම නීතිය යටතේ ගන්න.
මේ කුරුණෑගල මිනිස්සු වලිගේ පාගා ගත්තාට මෙතන කිසිදු දේශපාලනයක් නැහැ. මේක අධිකරණ ක්‍රියාමාර්ගය ක්. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිපති ඒ ගැන ක්‍රියා නොකොට ඒක ක්‍රියාත්මක කරන්න කුරුණෑගල මිනිස්සුන්ට දෙන්න වෙන්න ඇති කියන්නේ. මෙහෙමත් අමන මිනිසුන්.
මේ වගේ අය ඉන්නකම් අපේ රටවල් වලට කවදාවත් නැගිටින්නට බෑ.
නිතිපතිට පක්ෂයක් නැහැ. නිතිපත් ඉන්නේ රටක මේ වගේ අපරාධ වුනහම නිතිය හරියට ක්‍රියාත්මක කරන්න. රටේ පුරාවිද්‍යත්මක දේවල් ඩෝසර් කරලා දැන් අහනවා නිතිපති විපක්ෂයේද කියලා. මේ අය හිතන් ඉන්නේ නිතිපතිට පක්ෂයක් අනුව වැඩ කළ යුතුයි කියලා
ජොනීගේ නීතිය කුරුණගලෙහි පවතී.
මම හිතනවා ඕවා කළා කියලා ජනාධිපතිතුමාගෙන් මොවුන්ට සමාවක් ලැබෙයි කියලා.
බහුතර ජනතාව කියනවානම් අත්අඩංගුවට ගන්න එපා කියලා අපි ඒකට ඉඩ දෙමු.
නගරාධිපති ගෙ ත්‍රි-වීල් බජාරෙක ද මේ?
කව්ද කාටද කඩේ යන්නෙ කියන එක නෙමේ ගැටලුව.... මේ ප්‍රාථමික දේශපාලනය දැන්වත් මේ රටින් තුරන් කරලා දමන එකයි විය යුත්තෙ....
උඹලකඩ විකුනන්න ඇවිත් ලංකාවේ පදිංචි වුණු අය.. දැකලා නැතිනම් බලාගන්න මෙහෙම ජාතියකුත් ලංකාවේ ඉන්නවා.
මේ දේශපාලු ගොට්ටන්නේ..
බයියන්, ටෝයියන්, න්‍යෂ්ඨයින් සහ බ්‍රෂ්ටයින් දැකගන්න කදිම අවස්ථාවක්.. ඉතා දියුණු රටවල සත්ව උද්‍යානවල පමණක් සිටින මොවුන් මේ ධර්මද්වීපයේ ලක්ෂ 69 කට අසන්න ප්‍රමාණයක් මැරී නොමැරී මෙන් දේශපාලුවන්ගේ ඉඳුල් කමින් ජීවත් වේ.
බුවනෙක භාහු රජු දන්නෙත් නැතුව ඇති එයාගේ නමට මෙහෙම ගොඩනැගිලි තියෙනවද කියලා.
ඉතාම නින්දිතයි. මෙය අධිකරනයට අපහාස කිරීමක්. ඇමති මඩුල්ල පත්වීමටත් පෙර සිදුවීම් මෙසේ නම් මේ රජයත් යන්නේ පෙර මගමයි. ජනාධිපති තුමනි අප විශ්වාස කලේ ඔබතුමා පමනි.
මෙහෙම අයත් එක්ක අපි කොහොමද රටක් හදන්නේ?
මේ නගරාධිපති අපේ කුරුණෑගලට පිළිලයක්.
කුරුණෑගල ජනයා පිළිබඳ මෙම විශිෂ්ට උදාහරණය. ඒවාට පුරාණ වටිනාකමක් නැත.
2/3 දීලා රටේ ජනතාවට හුලං වගේ...
අනේ නිකං පිස්සු කරන්නේ නැතුව පලයල්ලා යන්න. මේක එක්කෝ එතනෝල් ජොනීගේ වැඩක්.., නැත්තං සිරිගේ වැඩක්...
දැන්මම වැඩ පටන් අරන් වගේ. ගෝඨාභයට වැඩක් කරන්න දෙන්නෙ නැති පාටයි.
කොතරම් බලවත් ආණ්ඩුවක් වුනත්, අධිකරණයේ ස්වාධිනත්වයට අතගසනු එපා. මහන්ද මහත්තය වරක් පැරදුනෙත් ඕන නැති නාඩගං කරන්න ගිහිං. අමතක කරන්න එපා, නැවතත් ඡන්දයක් එනවා. ඒක හිතාගෙන වැඩ කරන්න.
"බයියන් සහ ටෝයියන්ගේ සංදර්ශන දැන් ඉතින් හැමදාම ඔබට නොමිලේම නරඹන්නට හැකිවේවි..."
නීතියේ ආධිපත්‍ය පිරිහුණ රටක් බවට මෙවැනි විරෝධතා තහවුරු කරනවා.