IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සමට විරෝධතා සඳහා නීතිපතිට කල් දෙයි

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

බුවනෙකබා රජ සමයට අයත් බවට සැළකෙන කුරුණෑගල පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට ලබන නොවැම්බර් 12 වැනිදා තෙක්  නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) නියම කෙරිණි.


මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.

 

ඊයේ පෙත්සම කැඳවූ අවස්ථාවවේදී තමන්ට කල් ලබා දෙන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින්   විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොවැම්බර්  12 වැනිදා දක්වා කල් ලබා දෙන ලදී.


පෙත්සම් ඉදිරිපත් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශූන්‍ය නියෝගයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.


ඒ අනුව, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින්  ඉකුත් අගෝස්තු 25 වැනිදා අතුරු  නියෝගයක් නිකුත් කළ අතර එය මෙම රිට් පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වේ.



අදහස් (4)

කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සමට විරෝධතා සඳහා නීතිපතිට කල් දෙයි

Kaml Koyrala Monday, 14 September 2020 10:45 AM

ඔන්න රෝම කූපයක් හොලවන්න අවස්ථාව...

:       0       16

Ratne Monday, 14 September 2020 11:44 AM

බොරුව, වංචාව, මැර බලය,.. සහිත මෙවැන්නන් වෙනුවෙන් නීතියේ ඕනෑ තරම් සිදුරු තිබේ. මෙලෙස දිගින් දිගටම දියාරු ලෙස නීතිය ක්‍රියාත්මක වීමෙන් තව තවත් මෙවැනි ක්‍රියා සිදු කිරීමට පෙළඹවීමක් සිදු වීම නොවැළැක්විය හැකිය.

:       0       10

Demuni Uduwara Monday, 14 September 2020 12:18 PM

නගරාධිපති සිරගත නොකළොත් අපි පුදුම වෙන්නේ නැහැ.

:       0       12

indika Monday, 14 September 2020 04:02 PM

දැන් හෝටලයේ අයිති කාරයාගේ පුතා බුවනෙක කියලා රටේ විධායක ජනාධිපති කිව්වාට පස්සේ මොන නීතියක්ද? රටේ නීතිය පාලනය කරන්නේ ජනපතිනේ. දැන් එයාලට ඕවා කඩන්න, කැලෑ කපන්න, ඉඩම් අල්ලන්න ඉඩදීලා අපි පැත්තකට වෙලා බලන් ඉමු. රටට අබ සරණයි.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site