(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිතුරන් පිරිසක් සමඟ පාසල් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් සිටි බව කියන මොරටුව වේල්ස් කුමර විදුහලේ සිසුවකු අද(21) බිම ඇඳ වැටීමෙන් මියගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පානදුර කෙසෙල්වත්ත පදිංචිව සිටි වටුතන්ත්‍රිගේ සමිත් දුල්සර ද අල්විස් නමැති 18 හැවිරිදි තරුණයෙකි.
එම සිසුවා මිතුරන් පිරිසක් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණයේදී හෙළි වූ බව පොලිසිය කියයි.
සිසුවා රෝහලට රැගෙන යනවිට ඔහුගේ හිසේ පිටපස තුවාලයක් ද තිබූ බවද ඒවනවිටත් ඔහු මියගොස් සිටි බවද මොරටුව පොලිසිය පවසයි.
මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය අද(21) පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක සිදුවීමක් ...මේ දරුවාට නිවන්සුව අත්වේවා!!!