IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් දියුණු කරන්න තීරණ රැසක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් ක්‍රීඩාවෙි දියුණුව වෙනුවෙන් ඉදිරියේදී  තීන්දු තීරණ රැසක් ගන්නා බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"අප ඒ තීන්දු තීරණ ගන්නේ හංගලා නොවේ.පාර්ලිමේන්තුව මෙන්ම මාධ්‍යයත් ඒ තීරණ ගැන දැනුවත් කරනවා.අප බාර ගන්නා විට ක්‍රිකට් පමණක් නොව සියලු ක්‍රීඩා පසුබෑමට ලක්ව තිබුණා.විනය ගැන මෙන්ම හැසිරීම ගැනත් ගැටලු තිබුණා.එය ක්‍රිකට් වලට පමණක් සීමා වූ කාරණයක් නොවේ.

අප විනය ගැන දැඩි අවධානය යොමු කළා. ඒ නිසා දැඩි තීන්දු ගන්න සිදුවුණා.එයින් මමත් විවේචනයට ලක් වුණා.තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීම තුළ ඒ අභියෝග බාර ගත හැකි දැයි ප්‍රශ්න ඇතිවුණා.

කෙසේ වෙතත් දැන් ඒ නවක ක්‍රීඩකයන්  ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් බවට පත්ව තිබෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය .

 

 



අදහස් (11)

ක්‍රිකට් දියුණු කරන්න තීරණ රැසක්

SL Monday, 08 November 2021 04:18 PM

හැම මගුලක්ම "මහින්ද රාජපක්ෂ" කියලා නම් කරන එකේ, අපි ශ්‍රී ලන්කන් ක්‍රිකට් බෝර්ඩ් එකේ නමත් වෙනස් කරලා "මහින්ද රාජපක්ෂ ක්‍රිකට් බෝර්ඩ්"

:       6       25

Cityzen Monday, 08 November 2021 04:29 PM

ඒකට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා මාසෙකට වතාවක්වත් ඩුබායි යන්න ඕනේ... එහෙම නේද?

:       4       21

Lionel Monday, 08 November 2021 04:44 PM

රෝහිතව නායකයා කරමු.

:       0       0

විනය Monday, 08 November 2021 04:50 PM

ක්‍රිකට් වල සාර්ථක බවට පින් දෙන්න ඕනේ අර වීඩියෝ කරපු කෙනාට.

:       0       0

විපරමා Monday, 08 November 2021 04:54 PM

ගගනගාමියාට ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිකම දුන්නානම් වැඩේ ගොඩ.

:       0       0

Praba Monday, 08 November 2021 05:14 PM

ගත්තා තමයි. ලකුණු දාගන්න කට්ටිය එමටයි. අර එංගලන්තේ මහත්තයාගේ වීඩියෝව නොවෙන්න තරුණ ක්‍රීඩකයින් තාම කැලේ...

:       2       18

fairoos Monday, 08 November 2021 05:37 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ ... ඒකනේ ඔය කියන්නේ...

:       0       0

අතුල Monday, 08 November 2021 05:54 PM

ක්‍රිකට් දියුණු කරන්න නම් ඉස්සෙල්ලාම හොඳ නායකයෙක් අවශ්‍යයි. චිචී මහත්තයා තමයි ඒකට ඉන්න එකම සුදුස්සා. එතැනින් පටන් ගනිමු.

:       0       1

Hafeel Monday, 08 November 2021 06:52 PM

බාල සහෝදරයාව පුහුණුකරු හැටියට පත් කරා නම්...

:       2       11

විපරමා Monday, 08 November 2021 07:20 PM

පවුලේ අයව කිට්ටු කරගෙන අලුතින් වැඩක් දෙන්න යනවා ඇති... මෙයාලගේ තීරණ ගැන අමුතුවෙන් කියන්න ඕනේද?

:       2       15

ජගත් ලියනගේ Monday, 08 November 2021 11:20 PM

නාමල් වගේ අය ක්‍රිකට් පරිපාලනයට අත ගහන්නේ නැතුව හිටියොත් ක්‍රීඩාව නිකම්ම දියුණු වෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site