(යොහාන් භාසුර)

අසාධ්‍ය කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන ප්‍රධානම රෝහල වන අයි.ඩී.එච්. රෝහලට අවශ්‍ය ඔක්සිංන් ටැංකි ඇතුළු උපකරණ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි දෙහමාරක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

එම රෝහලට මුදල් වඩාත් ඉක්මණින් ලැබීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය හරහා මුදල් යොමු කරන බවත් මෙවැනි අවස්ථාවක ඉක්මණින් මුදල් ලැබීම රෝගීන් ජීවිත බේරාගැනීමට වැඳගත් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.