IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොමියුනිස්ට් පක්ෂයට වාරණයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීම සහ එම තනතුරට වෙනත් පුද්ගලයකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා  වාරණ නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පී.වීරසිංහ, හිටපු ලේකම් ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ට එරෙහිව එම වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට එරෙහිව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා  ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

එම වාරණ නියෝගය ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබ ඇත.

එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට දන්වමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පී.වීරසිංහ, හිටපු ලේකම් ඩිව් ගුණසේකර ඇතුළු මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නොතීසි ද නිකුත් කළේය.

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව  කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තමන්ව ඉවත් කිරීමට කටයුතු කළ බවත් , එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව පැමිණිලිකාර රාජා කොල්ලුරේ මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටියි.

 



අදහස් (0)

කොමියුනිස්ට් පක්ෂයට වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 29 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site