IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කම්කරු නායකයන් ඇගයේ

 

(ඩයනා උදයංගනී)

කම්කරු නායකයින් ඇගයීමේ “ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.

කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් නව දෙනකු මෙහිදී ඇගයීමට ලක්වූ අතර ඊට අමතරව කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වෙත ද මෙහිදී ඇගයීම් සම්මාන පිරිනැමිණි.

කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා සහ හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ගුණසිරි වීරකෝන් යන මහත්වරු මෙහි දී ඇගයීම් සම්මාන ලබාගත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් වෙති.

මීට අමතරව වෘත්තිය සමිති නායකයන් වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය), ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර (ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය), සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය) , රෙන්ගයියා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි  (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), අරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඩීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) යන මහත්වරුද මෙහිදී සම්මාන ලැබූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි කල ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමා්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීම මෙහි අරමුණ වී ඇත.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ශ්‍රම වාසනා අරමුදලේ අධ්‍යක්‍ෂවරුන්වන ලලිත් කන්නන්ගර, සුදත් බණ්ඩාර, හිමාලි ඔරුගොඩවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.



අදහස් (3)

කම්කරු නායකයන් ඇගයේ

GAMUNU Wednesday, 15 December 2021 08:11 PM

කම්කරු නායකයින් ඇගයීමේ “ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර දැක්විය යුතු වන්නේ අව්ව, වැස්ස නොබලා පිටකොටුවේ නාට්ටාමි සේවය කරන මිනිස්සුන්ට නොවේද?

:       0       5

පිටිගල මිලානෝ Thursday, 16 December 2021 02:20 AM

ලොකු අතුල මරපු හෝ මැරුණ කේස් එකට මොකද වුනේ? ප්‍රසිද්ධ දේශපාලකයෙක් ඔහුට ගහනකොට මැරුනාද?

:       0       0

Bamunuarachchi Thursday, 16 December 2021 03:58 PM

මගෙත් සුබ පැතුම්... මට මතක්වෙන්නේ බාලා තම්පෝ මහතාව? ජෙප්පෝ මොක්කුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site