(රොමේෂ් මධුෂංඛ)
කැබ් රථයක් පාපැදියක ගැටී වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියට ද කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් අද(05) පාපැදියේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ ඇගේ දියණිය රෝහල් ගතකර ඇති අතර, ඇගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ වවුනියාවේ පදිංචි අවුරුදු 36 ක් වයසැති එස්. පුෂ්පරාණි නමැති තිදරු මවකි.
කැබ් රථයේ රියැදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාපැදියේ ගැටී ඇති බවත්, එම අවස්ථාවේදී පාපැදියේ ගමන් කරමින් සිටි කාන්තාව සහ ඇගේ දියණිය අනතුරට ලක්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසි පවසයි.
අනතුර සම්බන්ධයෙන් කැබ්රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා එළවන රියැදුරන්ට තියෙන්නේ පුදුම හදිස්සියක්... මේවායේ ස්පීඩ් එක බ්රේක්ස් වලට ඔරොත්තු දන්නේ නැහැ.
අධික බීමත්කම නිසා සිදුවුණු දෙයක්ද? කැලිෆෝර්නියාවේ නගරයක අධික ලෙස බීමත්ව සිටි රියැදුරෙක් ඒ නගරයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිටම පොලිස් රථ දෙකක ගැටුණු බව පුවතක් අසන්න ලැබුණා. ඒ රියැදුරාගේ රියදුරු බලපත්‍රයට කලින් සිදුවුණු මෙවැනි දෙයකට අවලංගු කරතිබුණු අතර ඔහු උසාවියට නොපැමිණි නිසා අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් තිබුණලු...