(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රදීප් කුමාර)
මුල්ලියාවේලි කේපාපිලව් කඳවුරුට අයත් කැබ් රථයක් අද(14) පෙරළීමෙන් සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මිය ගොස් ඇත්තේ කේ.එච්.එම්. ජයරත්න නම් අයෙකි.
තුවාල ලැබූවන් අතර සෙබළ නිලධාරිනියන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි.
කැබ් රථය පුදුකුඩුඉරුප්පු සිට මුල්ලියාවේලි දෙසට ධාවනය වෙමින් තිබියදී කේපාපිලව් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් මුලතිව් කේපාපිලව් රෝහලේ හා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
(ඡායාරූප - ප්‍රදීප් කුමාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය මරුවා කැඳවයි.
ගොඩක් වෙලාවට දුටුදෙයක්... ආමි වාහන විශේෂයෙන් බෝලේරෝ අන්තිම අශෝබන විදියට පදවන්නේ...
හමුදා රියදුරන්ගේ අශෝබන අවිනීත රිය පැදවීම් නිසා පසුගිය මාසය තුල පමණක් සිදුවූ ජිවිත සහ දේපල විනාශය ගැන මොහොතක් කල්පනා කරන්න ? මෙම මිය ගිය සෙබළුන්ට අපි ඔවුන්ගේ යැපෙන්නන් ජිවත්ව සිටින තාක් කල විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ නේද ? හමුදා පතිතුමනි මෙම විනාශය නැවත වන්න ඔබට ගතහැකි පියවර කුමක්ද ? හමුදාවේ ඉතා උසස් මට්ටමේ තිබෙන විනය මේ රියදුරන්ට අදාල නැද්ද ?