(ඩයනා උදයංගනී)
පොල් මිල ඉහළයාම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුමක් ලෙස මාස තුනක කාලයක් සඳහා මාසයකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල් මද කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති බී.සී.සී ආයතනය හරහා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රට තුළ පොල් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් දැනට පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා 500 ක පමණ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බැවින් මෙම පියවර ගත් බව ද ඇමතිවරයා කීවේය.
රට තුළ ෆාම් තෙල් නිෂ්පාදනය අධෛර්යමත් කර පොල් තෙල් ප්‍රචලිත කිරීම රජයේ මූලික අරමුණක් බව කී රමේෂ් පතිරණ මහතා ඉදිරියේදී පිරිපහදු කළ ෆාම් තෙල් පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා කාලයක අපේ ප්‍රධාන වගාවන් වූයේ තේ, පොල් තමයි.
මට හිතෙන හැටියට ඔයිට වඩා හොඳයි... රටේ තියන පොල්ගස් ඔක්කොම ටික කපා දමලා ඒ වෙනුවට රට ඉඳි වගා කරන එක? ඒ වගේම මේක ඉතින් සිංහල බෞද්ධ රටක් නිසා ලංකාවේ හරක් ටිකත් මසට පිටරට පටවලා අරාබි ඔටුවන් ලංකාවට ගෙනාවොත් තමයි අපට අනාගතයක් තියෙන්නේ. හා නැද්ද?
නිලධාරිනුයි, දේශපාලකයිනුයි, අපේ රට ගෙනාපු තැනක්... විලි ලැජ්ජාවක් නැතිව පොල් රටින් ගේනවා නම් අපි කොයි තරම් අමන සංවර්ධන උපාය මාර්ගද අරන් තියෙන්නේ?
එළොව පොල් පෙනෙන්න තාම පටන් ගත්තා විතරයි.
යුරෝපයේ ඉන්න අපි නම් වැඩිපුර භාවිතා කරන්නේ රටකජු තෙල් සහ සූරියකාන්ත තෙල්... ග්‍රාම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට මේක කරන්න බැරිද?
නියමයි. දැන් පොලුත් රටෙන්. සෞභාග්‍යයේ ඉදිරි දැක්ම...!
කපාපු පොල් කොප්පරා පිටරට යවපු අපිට වෙච්චදේ...
කලකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වූ පොල් අපගේ දේශපාලකයන්ගේ පිහිටෙන් ආනයන බෝගයක් වූ අපූරුව..
මම කුරුණෑගල... මෙහේ නම් පොල් හිඟයක් නැහැ. වෙනදා අස්වැන්නම තියෙනවා.
කහත් ඔය වගේ ගේන්න අදහසක් නැතෙයි... මොකද කහත් වගාකරලා කන්න කිව්වා වගේ පොලුත් ඒවගේ වගාකරලා ගන්න කිව්වා නම් හරි නේද?