හිටපු අමාත්‍යවරුන් වන කබීර් හෂිම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු අද(19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිය පෙර පැවැති ඇමැතිධුරයන්හිම යළි දිවුරුම් දී තිබේ.
ඒ අනුව තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා යළි එම තනතුරේම දිවුරුම් දී ඇති අතර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතාද යළි එම තනතුරේම දිවුරුම් දී තිබේ.
පාස්කු දා ප්‍රහාරයෙන් පසු ඇති වු සිදුවීම් සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අසාත් සාලි යන මහත්වරු එම නතතුරුවලින් ඉවත් විය යුතුයැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි මහනුවර දළදා මාලිගාව අභියස ඇරැඹු උපවාසයෙන් දින හතරකට පසු ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී තිබිණි.
එම සිදු වීමෙන් අනතුරුව අරලියගහමන්දිරයට රැස්වූ සියලු මුස්ලිම් අමාත්‍යවරු ඒකමතික තීරණයකට එළැඹ සිය තනතුරුවලින් ඉවත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන ඡන්දෙදි සිංහල ඡන්ද දායකයන්ගේ මනාප ඔබතුමාලට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න , එම නිසා ලබන සැරේ එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න්නේ නැතුව රිෂාඩ් පිලෙන්ම ඉල්ලන්න .
කොහොමද ටිකිරි මොළේ
ආණ්ඩුවට ලැජ්ජාවක් නැහැ. අස්වෙලා ගිය අය මොකටද නැවත ගන්නේ. අනෙක අස්වෙන්න කියලා කිවේ මේ අයට නොවේනේ.
දැන් තනතුරෙන් ඉවත් වුන පරමාර්ථය කුමක්ද ? නැවත භාර ගත්ත එකේ පරමාර්ථය කුමක්ද ? කාට හරි තේරෙනවද ?
දැන් ඉල්ලා අස්වීම් හා නැවත දිවුරුම් දීම් සාමාන්‍ය දෙයක් වෙලා. ඇයි ජනතාව මුලා කරන්න ඉල්ලා අස්වුනේ? මහා ලොකුවට පම්බෝරි ගැහුවනේ මාසයක් තුළ චෝදනා එල්ලවූ ඇමති සහ ආණ්ඩුකාරලගේ එම චෝදනාව ඔප්පුවෙනකල්, නැවත ඇමති ධුරය භාර ගන්නේ නැහැ කියලා. මේ ගොල්ලත් දැන් අර රවී කරුණානායක, විජේදාස, විජයකලා, මාරපන වගේ වුණා.
ඔය හලීම් උන්නැහේට දෙන්න තිබුනේ පල්ලි කඩු සහ තණකොළ ඇමතිකම.. ඒ වගේම කබීර් උන්නැහේට කපටි ආරක්ෂක ඇමතිකම තමයි ගොඩක් සුදුසු...
ජය වේවා, හලිම් අපේ මැතිඳා...!!!
නාටකයේ කොටසක් අවසානයි. මහනායකලාගේ පිහිටෙන් ගොඩගියා. ඉතිරි කොටස ලබන සතියේ විකාශය වීමට නියමිතයි. දැං ෂූටිං යනවා. අනේ තුහ් විතරක්...
ඇයි දැන් ඉල්ලා අස්වුණු ප‍්‍රශ්න ටික විසඳිලාද? නැත්තං ගෙදරින් කිව්වද තනතුරු නැතිව එන්න එපා කියලා...?
හැලීම් මහතා ඇමති පදවියකට සුදුසු නොමැති කෙනෙකු බව ඔහුගේ කතාවෙන්ම ඔප්පුවුණා. මෙවැනි පුද්ගලයන් ඇමති පදවියකට යෝජනා කල කෙනාද එවැනිම අයෙක් යයි සිතිය හැක. අනේ අපේ රටට වුනු දේ.
වෙන කොහේ යන්නද? මේකේ හිටියොත් තමයි තව ටිකක් කන්න පුළුවන් . අපි බලමු අනිත් එවුවො මොකද කරන්නේ කියල ; රටට ගිය කලක් !
මාරු නාටකය ආටක නාටක
අපේ රතන හිමියන් නැවත උපවාස කරනවද?
මේ ක්‍රියාව හා ඔවුන්ට නැවත අාරාධනා කිරීම මගින් හොඳින් අවබෝධ කරගන්න මතක තියා ගන්න. එක්සත් ජාතික පක්ෂයට කිසිමදාක ශ්‍රී ලාංකීය සිංහල දෙමළ මුස්ලිම් යන කිසිම ජාතියක කිසිම සේවක කරන්න බැරි හා නොකරන බව කිසිම දාක රටේ අනාගත සුභසිද්ධිය හා සියලු ජනකොටස් වලට සැනසීමෙන් ජීවත් වීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය තුළින් ගොඩනොනගන බව මතක තියාගන්න... 1977 සිට අද දක්වා විජාතිකයන්ට හා සුළු ජාතික අන්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට සියලු උපකාර හා පහසුකම් සපයාදෙමින් සිංහල ජාතිය විනාශ කරන්න පාර කැපුවේද? එක්සත් ජාතික පක්ෂය බව හොඳින් අවබෝධ කරගෙන ඉදිරි මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන තැනට බලය ඉඳීමට මිස රටට, ජනතාවට රටේ ආරක්ෂාවට කිසිම තැකීමක් නොකරන බව මතක තබා ගන්න.
ආ නිවාඩුව ඉවරද?
මට රබන් පදයක් මතක් උන ගහන්න හොද, ගින් ගින් ගින් ගින් ගීන් කඩන් වර , ගින්තොට නැන්දගේ රෙද්ද කඩන් වර
රතන හිමි නැවත උපවාස කරනවාද කියා කව්දෝ අසනවා. නැවත උපවාස කරන්න බැරිකමක් නැහැ.. උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට නොවුණා නම්... එලවන්න ඕනේ වුනේ 3දෙනයි.. නමුත් හැත්ත බුරුත්ත ඔක්කොම දාලා ගියා කැරකීගෙන ආව සිංහල බෞද්ධ ටොනාඩෝව දැක්කාම. තව මොන උපවාසද? මේ ගොල්ලෝ රතන හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ... අර 3දෙනා එලවා ගන්නයි උපවාස කළේ... ඒ අය ගියා. අපි නම් කැලෑ කපන්නත් සූදානමින් හිටියේ...
ඔවුන්ට නම් කොහොමත් ලැජ්ජාවකුත් නැහැ. එක වචනෙකුත් නැහැ කියලා අපි කොහොමත් දන්නවනේ... පුහුල් හොරා කරෙන් දැනේ වගේ කාටවත් එල්ල කරපු චෝදනාවට උඩ පැනගෙන ඉල්ලා අස්වුනේ මොකද? දැන් නිකන් අරයා කිව්ව නිසා ආවා. මෙයා කිව්ව නිසා ආවා කියලා එක එක්කෙනාව උගස් තියනවා... මෙහෙමත් අසික්කිත දේශපාලනයක්...
සිංහලුනේ, ජාතියේ නාමයෙන් එකතු වෙයල්ලා... මේ ඔක්කොම එකයි.. මේ අපේ ඡන්දවලින් අපිටම කෙලිනවා... ඡන්දයකදී කිසිම මුස්ලිම් දේශපාලකයෙකුට කෙනෙකුට ඡන්ද දෙන්න එපා..!
හරි දැන් ප්‍රශ්නේ විසදුනාද ? ආවේ මොකද ? ගියානම් එන්න එපා.
දයාබර ජනතාව වෙත ....මුන් සෙල්ලම් කරන්නේ රටේ අහිංසක ජනතාව එක්ක. ...පාර්ලිමෙන්ට් එක දැන් තුට්ටු දෙකේ රඟ මඬලක් වෙලා.....බුද්දීමත්ව ලග එන ඡන්දය පාවිච්චි කරන්න