( රොමේෂ් මධුෂංඛ)

යාපනය මුතූර් ප්‍රදේශයේදී කැබ් රියක් පාළමකින් පෙරැලී යාම හේතුවෙන් එහි ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

මුතූර් මාර්ගයේ වන්නාත්ති පාලම අසලදී ධාවනය වූ යතුරුපැදියක් කැබ් රථයේ ගැටීමට ආසන්න වූ අවස්ථාවකදී යතුරුපැදිය බේරීමට ගත් උත්සහයකදී කැබ් රථය පාලමෙන් පහලට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූවන් චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ සිටි 04 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යැවූ බවටද පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.