(අජන්ත කුමාර අගලකඩ)
සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම හෙට (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සිකුරාදා (07) රාත්‍රීයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
හෙට දිනයේ කැබිනට් රැස්වීම නෙපැවැත්වෙන්නේ ඒ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.
හෙට දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වෙන බවක් ඇමතිවරුන්ට අද (10) පස්වරුව වන තෙක්ම දැනුම් දී නොතිබිණි.
ඉකුත් සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීම් වාර්තාව ඇමැතිවරුන් වෙත යවා තිබූ අතර හෙට කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව එහි සඳහන් කර තිබී ඇතැයිද දැනගන්නට තිබේ.
COMMENTS
එපා වාහෙට හොදි බෙදනවා වගේ.. කොහොමද අප්පා ආණ්ඩුවක් ගෙනියන්නේ? ඔහොම ගියොත් රට අරාජික තත්වයකට පත් කරලා අර ගොල්ලෝ ඉබේම බලය අල්ලා ගනීවි. එතකොට ඔක්කෝටම තේරෙයි කරගත්තු ගොන්කමේ තරම... පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සමහර දෙනා ඉදිරිපත් කළ සාක්ෂි හිතුවට වඩා බරපතල බව පෙනීයන බැවින් සමහර විට මේ සභාව පත් කිරීමේ මූලික අරමුණ පාස්කු ප්‍රහාරයේ වගකීම තමා මත පැටවීම බව ජනාධිපතිවරයා හිතනවා වගෙයි පෙනෙන්නේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර කලක පටන් විරසකයක් ඇතිවී තිබෙන බව මුළුරටම දන්නා දෙයක්... දවස් 52 ආණ්ඩුවක් පත්කරලා පැවැත්වුණු ප්‍රසිද්ධ රැස්වීමේදී කියපු "සමනල කතාව" කිසිකෙනෙකුට අමතක නැහැනේ... තමන් ඉන්නා තැනට ඔසවා තැබුවේ කවුද යන්න අමතක කර දමමින් රාජ්‍ය නායකයෙකුට තරම් නොවන අන්දමට හැසිරෙමින් පෞද්ගලික කෝන්තර පිරිමසා ගන්නට උත්සාහ කිරීම හේතුවෙන් රටක් අරාජික තත්වයකට පත්කිරීම කොතරම් බරපතල වරදක්ද...?
රටක පාලනයකට ගිය කලක්... මරණාධාර සමිතියක වුනත් දන්වනවා රැස්වීම නොපවත්වන හේතුව බොහෝ කල් ඇතිව...
කැබිනට් රැස්වීමට ගිහින් වාචාල කතා කියා හොට බිම ඇනගන්නවාට වඩා එම රැස්වීම හේතු නොදක්වා නොපවත්වා සිටීම ඇඟට ගුණ වග ජනපතිට තේරිලා වගෙයි එහෙනම්!
රට අරාජිකයි. වහාම මැතිවරණයක් කැදවන්න . අපිට ස්ථාවර ආණ්ඩුවක් ඕනේ.. මොන පක්ෂේ උනත් කමක් නැහැ. මේකෙන් වෙන්නේ ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට රට තුල තවත් විනාශ කරන්න අවස්තවක් හදල දෙන එක. ජන්දයක් තියන්න ඇයි මේ ආණ්ඩු පක්ෂ මෙච්චර අකමැති.
විශේෂ කාරක සභාව ඔය විදියටම පවත්වන්න. රටේ මොනවා හරි වුණාම ජනපති කොමිසම කියලා කොමිසමක් හොරාට පත්කරලා එම වාර්තාවන් හන්ගගන්නවා . ඒක නිසා මේ හරහා ජනතාවට අයිතිය හා පුළුවන්කම තිබෙනවා ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද කියා දැනගන්න. අපට වාර්තා ප්‍රසිද්ධ නොකලාට කමක් නැහැ.
රටක ( ශ්‍රී ලංකාව නොවේ ) ආරක්ෂාව ගැන ආරක්ෂක ඇමති සහ සේනාධිනායකයා වගකිව යුතු වෙනවා ,මේ තනතුරු දෙකම දරන්නේ එක පුද්ගලයෙක් නම් , ත්‍රස්ත ප්‍රහාරයකින් 300 විතර පැයක් තුල මරුන නම් 100 -200 විතර මාරාන්තික තුවාල ලැබුවානම් ආරක්ෂක අංශ මේ ගැන කල්තියා දැනගෙන උන්නනම් අනිවාර්යයෙන්ම වගකීම දරන්න වෙන්නේ කලින් සදහන් කල පුද්ගලයට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දිගින් දිගටම තිබුනොත් ඉහත කියපු පුද්ගලයා අමාරුවේ වැටෙනවා. එමනිසා එක අවුල් කරලා දමල, කැබිනට් රැස්වීමත් අවුල් කරලා දමලා රටේ පාලනය අවුල් කරේ නැත්නම් තමන් තමන් අමාරුවේ වැටෙනබව ඔහු දන්නවා.
මහජන මුදලින් වැටුප් අරන් මෙයාල පුංචි ලමි වගේ හැසිරෙනවා
අනේ මෙහෙම්මම මේ ආණ්ඩුව දියවෙලා යනවානම් කොපමණ හොඳද.
ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තේ... දාන් අදින්නේ // ගැටව් කතා බහට කටකෙලිමත්තේ රංචු ගැහෙන්නේ...//
එක සැරයක් ආරක්ශක මන්ඩලේ පිස්සුවක් කෙලලා මිනිස්සු 300 ගානක් මැරෙනකන් උඩ බලන් හිටියා. මේ හදන්නේ තව විනාශයක් කරන්න වගේ. තමන්ට කරන්න පුලුවන් රැකියාවක් හොයන් ගෙදර යනවද මහත්තයෝ රට කන්නේ නැතුව.
අපේ ජනාධිපතිතුමා රට පාලනය කරන්නේ කෝපි කඩයක් වගේ...!
ඉතින් කොපමණ හොඳද
කවටයෙක් රජ වුණාම රටකට වෙන දේ දැන් පැහැදිලියිද?
සත්‍යය හෙළි කළොත් රජය බිඳදමයි. නොකළොත් සියල්ලටම කර ගැසිය යුතුය. ගෙදර ගියොත් අඹු, මග හිටියොත් තෝ නසී.
මේ නාඩගම් හොඳටම ඇති. මැතිවරණයක් තියලා රටට, දැයට ආදරයක් ඇති පිරිසක් ඉක්මණින් පත්කර ගැනීමට මහජනතාව ඉක්මන් කළොත් තමයි හොඳ. මෝදි අගමැති ඉන්දියාවේ සුලු ජාතිය අමතා කල නිර්භීත කතාව මේ මොහොතේ මතක් කරදිය යුතුව ඇත. එවන් ජන නායකයින්ගේ වුවමනාවක් රටට අවශ්‍යයි.
උතුම් ලිච්ඡවි රජදරුවන්ට කළ මහා අපහාසයට මේ පව්කාරයින්ට..!
මෙයිට වැඩිය හොඳට අපි පොඩිකාලේ වැලි සෙල්ලම් බත් ඉව්ව කාලකන්නි, කුජීත, පර ගැති, නින්දිත, විලි ලැජ්ජා නැති, තිරිසන්, පට්ට පඳුරු 225න් 1 මේ රට විනාශ කරනවා. මොකක්දෝ වාසනාවකට මිනිස්සුන්ට කන්න කොස්ගෙඩියක් හරි බොන්න වැස්සක් වත් වහිනවා. අරාබියේ, අප්‍රිකාවේ වගේ කාන්තාරගත රටක් වගේ නම් මෙලහකට සෝමාලියාවක්, ඉතියෝපියාවක් වෙලා ඉවරයි.
රටට හෙණ ගහලා ගියත් මොකෝ..!!! අපේ ආත්ම අභිමානය ආරක්ෂා කරගන්න පුළුවන් නම්..
ඇයි ජනපති මේ තරම් විරොදයක් මම දැක්ක ඊයේ ජනපතිට වාර්තාව ලැබුන බව. එහෙනම් කොහොමද සතියකට දෙකකට කලින් ජනපති පොලිස්පතිට කීවේ ඔබ වැරදිකරු වෙනවමයි ඒක නිසා දැන්ම ඉල්ලා අස්වෙන්න කියලා. එහෙම බලනකොට පටන්ගන්න කලින්ම තීන්දුව දීලානේ තියෙන්නේ. රටට වඩා තමන්ගේ ගැලවිජ්ජාව හොදා කියල දැන් රිගන්න ගුල් හොයනවා වාගේ. තමන් යටතේ උන්න නිලදාරීන් තමන්ට විරුද්දව සාක්කි දෙන්නේ තමන්ගෙන් උන වරදක් නිසා බව වටහා ගන්න බුද්දිය මදිද මන්ද? දැන් කරවටක් ගිලිලා අවසන් හිත හදා ගන්න එකයි කරන්න ඕනේ.
අපි සෙල්ලන් ගෙයක් හදලා සෙල්ලම් බත් උයලා කමුද? මොකද කියන්නේ..
හෝඩියේ පන්තියේ ළමුන් ලෙස ක්‍රියා කිරීමෙන් විනාශ වෙන්නේ අපේ බදුමුදල් බව මේ කිසිම කෙනෙක් හිතන්නේ නැත්තේ මොකද? ත්‍රස්තවාදීන් කළ විනාශයට වැඩි විනාශයක් මේ ගොල්ලන් පසුගිය මාස 2 තුළ රටට කළා.
මෙයිට වැඩිය හොඳට අපි පොඩිකාලේ වැලි සෙල්ලම් බත් ඉව්වා.. කුජීත, පර ගැති, නින්දිත, විලි ලැජ්ජා නැති 225න් මේ රට විනාශ කරනවා. මොකක්දෝ වාසනාවකට මිනිස්සුන්ට කන්න කොස්ගෙඩියක් හරි බොන්න වැස්සක්වත් වහිනවා. අරාබියේ, අප්‍රිකාවේ වගේ කාන්තාරගත රටක් වගේ නම් මෙලහකට සෝමාලියාවක්, ඉතියෝපියාවක් වෙලා ඉවරයි.
මැතිවරණ තිබ්බට ඇති වැඩක් නැහැ. අලුත් කවුරුත් ඉල්ලා නෑනේ. පරණ සෙට් ටිකම ඉල්ලයි. අපි ඡන්දෙ දීල හුරේ කියල ඒවි. එයාල පහුවදා ඉඳල වැඩේ දෙයි. අපි හුල්ලයි. වෙන මොනවාද? අපේ කරුමේ. එයාලගේ පින.
මෙවැනි පාලකයින් පත්කල ජනතාවටද සාප වනවා නොඅනුමානය. එදා කිව්වේ කොහොමද? කිරි පැණි වගේ කියලා. අද මේ රටම විනාශ කරනවා මේ අය එකතුවෙලා....
දැන් අවුරුදු හතරාමාර ඉවරයි. ආණ්ඩුව විසුරුවලා හොඳ ශක්තිමත් රජයක් හදන්න පුළුවන්.. එ්කෙන් පස්සේ නැවත ඕනෙනම් ඉල්ලන්නත් පුළුවන්.. මේ වෙලාවේ කලයුතු හොඳම දේ ආණ්ඩුව විසුරුවා තේරීම ස්ථාවර ආණ්ඩුවක් හදාගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම...
හවුල ඇති තැන අවුල නියතයකි. දැන් හුණුවටයේ කතාව නිර්මාණය වී ඇත. ලබන ඡන්දයෙන් ඔබ කවුරු තෝරගත්තත් හවුල් ආණ්ඩුවක් පත් නොකර ගත යුතුයි.
මෙයාව හොඳ ශිරාල්ට සහ පවුලේ අයට පමණයි.
හවුල් ආණ්ඩුත් එපා පවුල් ආණ්ඩුත් එපා අපිට.