(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා සිට උදේ 8.30 ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
කැබිනට් රැස්වීම උදේ 7.30 ට පැවැත්වුවද ඇමැතිවරුන් ප්‍රමාද වී පැමිණීම නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) උදේ 7.30 ට කැබිනට් මණ්ඩලය රැස්වූවද ආරම්භක අවස්ථාවේ සිට ඇත්තේ ඇමැතිවරුන් හතර පස්දෙනෙකු පමණක් බවද ආරංචි මාර්ග කියයි.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ ඇමැතිවරුන්ට කැබිනට් රැස්වීමට සහභාගී වී අමාත්‍යංශ වලට යාමට හැකි බැවින් කැබිනට් රැස්වීම උදේ 7.30 ට කැඳවූ බවයි.
එහෙත් ඇමැතිවරුන් එන්නේ ප්‍රමාද වී නම් කැබිනට් රැස්වීම උදේ 8.30 ට පවත්වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
කැබිනට් රැස්වීම අඟහරුවාදා පෙරවරු 9.30 ට මුලදී පැවැත්වූවද එය උදේ 7.30 ට පවත්වන්නට ජනාධිපතිවරයා මීට සති කිහිපයකට පෙරදී තීරණය කළේය.
එහෙත් පසුගිය සති කිහිපයේම කැබිනට් මණ්ඩලය උදේ 7.30 ට රැස්වූවද ආරම්භක අවස්ථාවේ ඇමැතිවරුන් සහභාගී වී ඇත්තේ හතර පස් දෙනෙකු බවත් ඇමැතිවරුන් වැඩි දෙනෙකු පැමිණ ඇත්තේ කැබිනට් රැස්වීම ආරම්භ වී පැය භාගයකට පැයකට පමණ පසුව බවත් වාර්තා වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කැබිනට් රැස්වීම ලබන සතියේ සිට උදේ 8.30 ට කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා ඔය තටමන්නේ අන්තිම කාලේදී වේල්තුනම පිනට ගිලින්න ක්‍රමයක් හදා ගැනීමනේ... අපි නොදන්නා කැබිනට් රැස්වීම් මලයා...
අන්තිම කාලේවත් පිනක්, දහමක් කරගෙන ගෙදරට වෙලා නිදාගන්න. ඔය රැස්වීමෙන් රටට වෙච්ච සෙත මොකද්ද?
ඔබතුමාගේ හැමදේකම ඔහොම තමයි. කෙළින් තීරණයක් ගත්තා නම් ඒක ගන්න. මොනවද මේ? ජනාධිපති කෙනෙක් නේද? කරුණාකර පුළුවන් කෙනෙක්ට නම්බු පිටින් ඒක දෙන්න.
ඔය කියන ඇමතිවරුන්ට රජයේ වැටුපකුත් ගෙවනවා නම්, වසර 5ක් වැනි කෙටි සේවා කාලයකින් පසුව ජීවිතාන්තය දක්වා වූ විශ්‍රාම වැටුපකුත් ගෙවනවා නම්, වෙනත් නිල පහසුකම් සහ දීමනාත් ගෙවනවා නම්, එයාලට ඕනෑ වෙලාවට කැබිනට් රැස්වීම් තියන්නේ මොකටද? වෙලාවට එන්න බැරිනම් ඉවත් කරන්න නැතිනම් දඬුවම් කරන්න. ඔය නීතිය අනිකුත් රජයේ සේවකයින්ට නැත්තේ මොකද?
ජනාධිපතිතුමා අපේ සිංහලයින්ගේ වැඩකිඩ පුරුදු ආදිය ගැන දන්නේ නැහැ වගේනේ. උදේ හතහමාර වෙනකොට ඒ ගොල්ලන් කොහොමද නැගිට ගන්නෙවත්? කලින් දවසේ නැහිලා නැහිලා, හවසටත් නැහිලා, රෑටත් එහෙම කරලා අමාරුවෙන් නොවැ ඉන්නේ...
ප්‍රමාද වෙන්න හේතුව උදේ පාන්දර බස් රථ වල අඩුවක් ඇති.
අනේ ඕක නොපැවැත්තුවා කියලා රටට ප්‍රශ්නයක් නොවෙයිනේ...
නව රජයක් පත්වන තුරු කැබිනට් රැස්වීම අහෝසි කළොත් හොඳයි. ගන්න තීරණයකුත් නැහැ. බොරු වියදම් විතරයි. අනේ අපොයි අපේ බදු මුදල්...
ඔතැන තිබෙන්නේ වෙන ප්‍රශ්නයක් ඔය ඇමැතිවරු එන v8 , ලොකු බෙන්ස් , BMW වැනි වාහන විශාල වැඩියි., 8:30 වෙනකොට... එතකොට ඇතිවෙන කොළඹ මාර්ග තද බදයත් එක්ක එන්න බැරිවේවි.., කරුණාකර ඔවුන්ට ඔය ලොකු වාහන නොදී ත්‍රිරෝද රථය බැගින් දුන්නා නම් එහෙන් මෙහෙන් දමලා, අස්සෙන් රිංගලා වෙලාවට ඒවි...
ඔය 30-40 එන්නේ වෙන වෙනම... ඉස්සරහින් පස්සෙන් පොලිසිය සහ ඩිෆෙන්ඩර් පිරිවරාගෙන.. එතකොට ඇතිවෙන තදබදය නිසා වැඩට යන මිනිස්සු අමාරුවේ වැටෙනවා. කරුණාකර පුළුවන් තරම් උදෙන් එන්න කියන්න. ඔය රැස්වීම උදේ 7ට විතර තියන එක වඩා හොඳයි.
රජයේ සේවකයන් පොඩ්ඩක් ප්‍රමාද වෙලා හෝ අාවොත් වැටුපෙන් කපනවා. විනය පරීක්ෂණ... මොවුන් රට හදාන්න නොවේ ඇවිත් ඉන්නේ. ඔවුන් හැදෙන්න...
ඇමතියෝ හැත්ත බුරුත්තක් ඉන්න අපේ රටේ..// වෙලාවට වැඩකෙරුමට මතක් උනේ දැන්ද බොලේ..// මෙතුවක් කල් ඔක්කොම කොහේද ගියේ..// කියපිය සැමදා පඩි ගෙව්වේ අපිනේ බොලේ..//
මේ විදිහට මීහරක් දක්කනවා වගේ වැඩ කරන්න බැහැ ප්‍රධානියා කෙලින් නැත්තම්...
අයියෝ ටියුෂන් ක්ලාස් එකත් මීට වඩා විනයක් තියෙනවා.. අනේ ඉතිං මහත්වරුන්ට 8.30 ටත් එන්න බැරි වුණොත් වෙන වෙලාවක් දෙන්න අප්පා.. දියවන්නාව පාලනය කරන්න බැරිනම් කොහොමද රටක් පාලනය කරන්නේ...?
ඕක බැරිද රෑ 8.30ට දාගන්න?