IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කැබිනට් ප්‍රකාශකවරුන් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාදයි

(ඩයනා උදයංගනී)     
 
රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී හා නව ඇමති මණ්ඩලයක් පත්කර සති තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් නව රජයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් මෙතෙක් නම් කර නොමැත.


      නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය දෙවරක් රැස්වූ නමුත් ඒවායේදී කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් නම්කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් හෝ ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.


      සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ද ඒ හේතුවෙන් පැවැත්වීමට නොහැකි වී ඇති අතර කැබිනට් හමුවේදී ගන්නා තීරණ මාධ්‍ය වෙත ලබාදීම රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා සිදුකිරීමට පියවර ගෙන තිබේ.


      මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ කැබිනට් හමුව දෙවරක් පැවැත්වුණ ද කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් හෝ කතාබහක් ඇති නොවූ බවය.



අදහස් (1)

කැබිනට් ප්‍රකාශකවරුන් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාදයි

අනුර Monday, 14 January 2019 05:08 AM

එහෙම කෙනෙක් නැති තරමට හොඳයි වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 240 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site