(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් එම තනතුර නොලැබුණොත් තමා ඉල්ලා අස්වන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පැවසිය.
ධීවර රාජ ඇමති දිලිප් වෙදආරච්චි මහතා අද (02) හලාවත කන්ජුක්කුලිය විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් මෙසේ පැවසීය.
“මට අමාත්‍යංශයේ නිදහස නැහැ. කැබිනට් අමාත්‍යවරයෙක් පත් කර තියෙනවා. හැරිසන් මහතා අමාත්‍යවරයාගේ ලේකම්තුමා යටතේ තමයි අද මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම අගමැතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා මට ධීවර අමාත්‍යාංශයේ ආයතන පහක් එක්ක කැබිනට් අමාත්‍යංශ ලබා දෙන්න කියලා. අවුරුදු හතරක් තිස්සෙ ධීවර අමාත්‍යාංශයේ අමාත්‍යවරු හතරක් හිටියා. ලේකම්වරු හතරක් හිටියා. මේ අට දෙනාම දෙනා ම ධීවරයන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නෑ.
ලංකාවේ ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ලක්ෂ 25කට වැඩියි. ධීවර කර්මාන්තය අද අනාථ වෙලා. ඒ අයගේ අඩුපාඩු හොයන්න කෙනෙක් නෑ. බලපත්‍රයක් ගන්න විදිහක් නෑ. අමාත්‍යාංශයේ කවදාවත් මේ තත්ත්වය උදාවෙලා නෑ. මම ධීවර කර්මාන්තය කරන මිනිහෙක්. ධීවරයා ආරක්ෂා කරගන්න ඕන. ඒ කටයුකු අද වෙන්නේ නෑ. ඒ කටයුතු නිසි විදියට කරන්න අමාත්‍යංශය මට භාරදෙන්න කියනවා. බාර නොදුන්නොත් මම මේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
අනේ යන්නකෝ ලොකු දෙයක් උන්නත් වැඩක් නැහැනේ අපිට.කැබිනට් එක අඩු කරන්නේ කොහෙමද ඉතින් මෙහෙම අය ඉන්නකොට. ජනතාවට තියෙන ආදරේ අනේද කියන්නේ
ළමයි ඉන්න තැන් වලට ගිහින් ඕවා කියලා වැඩක් ද? ඉස්කෝලෙට ගියා නම් වැදගත් කතාවක් කියනවා ඇරෙන්න තමන්ගෙ ප්‍රශ්න කියවලා හරියනවද? මොලේ තරම තමා.
අන්න හොඳ පටන්ගැනීමක්. 225 ම ඉල්ලා අස්වන්න. ඊට පහුවෙනි දින සිට රටට හොඳ කලක් උදාවෙයි.
මෙයාට කැබිනට් ඇමතිකමක් ඉල්ලන්ට තියෙන වෘත්තිය සුදුසුකම දන්නා අයෙක් ඉන්නවනම් කියනවද ?
මෙතුමා 2000 වගේ සිට පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒත් මෙතුමාට පස්සේ ආපු කී දෙනෙක්ට ඇමතිකම් දීලාද.
අපිට අලුත් මාළු කවන්ඩ ආදරේට වෙන්ඩ ඇති
අපිටනම් ඉල්ලා අස්වෙන්න විදිහකුත් නැහැ ඉන්න විදිහකුත් නැහැ
ඔය වගේ ආත්මාර්ථකාමී කතා කියන්නේ පාර්ලිමෙන්තුවෙනේ. විශාල සේවයක් කරන අඩු පඩියකට වැඩ කරන ගුරුවරුන් විසින් යහ මගට යවන දරුවන්ට මොනවද මේ කියන මෝඩ කතා.
ලංකාවේ ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ලක්ෂ 25කට වැඩියි. ධීවර කර්මාන්තය අද අනාථ වෙලා. ඒ අයගේ අඩුපාඩු හොයන්න කෙනෙක් නෑ. බලපත්‍රයක් ගන්න විදිහක් නෑ. අමාත්‍යාංශයේ කවදාවත් මේ තත්ත්වය උදාවෙලා නෑ. මම ධීවර කර්මාන්තය කරන මිනිහෙක්. ධීවරයා ආරක්ෂා කරගන්න ඕන. ඒ කටයුතු අද වෙන්නේ නෑ. ඒ කටයුතු නිසි විදියට කරන්න අමාත්‍යංශය මට භාරදෙන්න කියනවා. බාර නොදුන්නොත් මම මේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා” ඔය ඉල්ලන තනතුර නොමැතිව ඔය කියන කිසිදෙයක් කල නොහැකිද ?
ඉතින් අස් වෙන්නකෝ හිටියා කියලා වැඩක් කරනවද
වතුරත් නැතිව විදුලියත් නැතිව ඉන්න අපිට දේසපාලුවෝ නැති වුනයි කියලා තිබෙන අමාරුව මොකක්ද? වෙන්නපුලියේ ඉස්කෝලේ ඕක කියලා වැඩක් නැහැ ඕක කියන්න පාර්ලිමේන්තුවේ.
2500000ක් අම්මෝ ඒක
මෝඩයා කට නොඅරින තාක් කල් නුවණැත්තෙක් ලෙස පෙනී සිටිය හැක. ඇයි අනේ ඒ තත්වය විහින් නැතිකරගන්නේ ඇමතිතුමෝ?
උත්තරීතර ස්ථානයක්ය කියා ගන්නා පාර්ලිමේන්තුව ඇතුලේ සරොම උස්සල පෙන්වන හාදයන්ට කැබිනට් ඇමැතිකම් දෙනවනම් පස්සෙ කාලෙක මිරිස්කුඩුකාරයන්ටත් ඊට වඩා දේවල් දෙන්ඩ වේවි …..
ඔබතුමාට වැඩිය ඔය තනතුරට සුදුස්සෝ තව පාර්ලිමේන්තුව තුල ඇති ,
බොරුවට කියෝ කියෝ ඉන්නේ නැතුව යන්න. ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? අන්තිමට සමත් උනේ 7 ද 8 ද. ?
ඇමතිකමක් දෙන්න වටිනවානේ.....
ඉස්කොලෙ ව්ද්‍යාගාරෙ විවෘත කරන්න ආපු කෙනා කතා කරන්නෙ මාලු ධීවරයන් ගැන. ඒකෙන්ම මේ අයගෙ අධ්‍යාපන තත්වය තේරෙනවා නේ. අන්න එකයි මේ වගේ අයව කෑබිනට් ඈමතිකෙනෙක් ගෙ අධික්ෂණය යටතේ, හොද ලේකම් කෙනෙක්ට යටතට දාල තියෙන්නෙ.
පිනට ලැබුණු v8 එකට පිනට ලැබුණු ඩීසල් ටික ගහගෙන , තංගල්ලේ ඉඳන් තිස්සමහාරාමෙට යනකන් තිබෙන මල ගෙවල්, මගුල් ගෙවල් වල ගන්ජාකාරයෝ එක්ක රස්තියාදු ගහනවා ඇරෙන්න මෙයා කරන වැඩක් තිබෙනවද?
දෙන්න දෙන්න. සේවය කරන්නනේ ඉල්ලන්නේ. පව් අප්පා, අපි ගැන හිතලානේ ඔච්චර කරදර විඳින්නේ...