
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් වලව්වත්ත ගොවිපල භූමියේදී අද පැවැත්විණි.
බාදුරාගොඩ මහසෙන් ගොවි සංවිධානය සංවිධාන කළ වැඩසටහනට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ ද එක් වූහ.
කෘෂිකර්ම නිලධාරීන් ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් මෙහිදී කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය. මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරත්න හිමියෝ මෙහිදී පැලයක් සිටුවා ජාතික කර්ත්‍යවයක ආරම්භක අවස්ථාව සනිටුහන් කරනු ලැබීය.


COMMENTS
මගේ නෝනත් වසර දෙකකට පෙර කොන්ක්‍රිට් ටැංකියක් සාදවාගෙන කොම්පෝස්ට් හදන්න ගත්තා. මෑතකදී මම දැක්කා එයින් යම් දියරයක් වැක්කෙරෙනවා.මම එය අරගෙන වැටකොළු වැලකට වත්කලා.වැල නම් හොදින් වැඩෙන්න ගත්තා තවම ප්‍රමානවත් ලෙසට අස්වැන්ක ගන්න බැරිවුනා
රජරට, නැගෙනහිර, දකුණේ විශාල කෙත් යායවල්වලට ඔහොම සෙල්ලම් වැඩ වලින් හදන පොහොර ඇතිවෙයිද? කඳුකරයේ, මැදරට දකුණේ තේ වලට ඇති වෙයිද? ඕවායේ ප්‍රමිතිය බලන්නේ කොහොමද? පාටින්ද? වැඩි දියුණු කළ වී වර්ග, වී පී වරගයේ තේ වලට ඕවා හරියයිද? ඕක අඛණ්ඩවම කරන්න ප්‍රමාණවත් අමුද්‍රව්‍යයන් සැමදා තිබෙනවද? සුපර්මාකට්වල තිිබෙන කාබනික එළවළු ගානට ගන්න අසරන මිනිස්සුන්ට හැකිවෙයිද? අනේ හාමුදුරුවනේ රටම සාගතයක ඇදලදාන කටයුතු වලට හවුල් වෙන්න එපා, රාජපක්ෂවරුනට තවත් රටවල් තිබෙනවා..
අවසානයේ මෙය නිර්මාංශිකයින්, ග්ලූටන් රහිත සහ සීනි රහිත තවත් සම්මත විලාසිතාවක් බවට පත්වනු ඇත. මේ සියල්ල එක්තරා කණ්ඩායම් වලට හොඳයි, නමුත් ජනතාවට නොවේ. කනගාටුවට කරුණක් නම්, මෙම සැලසුම් රහිත කාබනික තල්ලුව නිසා සිය දහස් ගණන් මිනිසුන්ගේ ජීවනෝපාය, ආදායම, හරිතාගාර සඳහා වැය කළ ප්රාග්ධනය සහ නව භෝග වගාවන් සඳහා වැය වේ. කුසගින්නෙන් පෙළෙන රෝග වලින් බොහෝ දෙනෙක් මිය යති.
මේ බණ නොවේ .ස්වාමීන්වහන්සේලා වැඩවසන්න ඕන පන්සලේ
ඇතැම් භික්ෂූන් මෙවැනි දේට ඉදිරිපත් වෙන්නේ ආර්ථිකමය සහ වෙනත් ප්‍රථිලාභ පතාගෙනයි..
නයි නටවන්න හපන් කැලණිය පැත්තේ අය මේ මව් බිමට පොහොර දැමීම නම් නියමෙට කරනවා. ඒකනේ පොහොර දාන දාන තැන්වල පොහොට්ටුම පිපෙන්නේ.