IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කාබනික පොහොර භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

(විනීතා එම් ගමගේ)

කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බවත් දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළයුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බවද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද රජය දන්වා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නික-ුත් කරමින් කියා සිටී.

ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඉහත කි ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක මේ වන විට අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක යටතේ ආනයනය වන බැවින්, ඉහත දක්වන ලද, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබා දී තිබු අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට් පත්‍රය සංශෝධනය කරන ලදී.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2021 ජූලි 30 වන දින නිකුත්කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන්අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇත.

කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොරවන්නේ අන්තර් ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබා දී ඇති කාබනික පොහොර පමණක්ම වනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල සෘජු අධික්ෂණය යටතේ මාස 6ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්රය මගින් හරිතාගාර තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතනවෙත සහ ජල පෝෂක වගා හා වායු පෝෂක වගා සහ විසිතුරු මල් වගා කටයුතු සඳහා පමණක් නයිට්රිජනීය ඛනිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරණය කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබා දී ඇත.

එමෙන්ම ඉහත සඳහන් බලපත්‍ර මගින් ඛනිජ හෝ රසායනික නයිජන්, පොස්පරස්, පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්රිහත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10නට හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර ලබා දී ඇත.

මෙම සියලු පොහොර ආනයනය අදාළ අවශ්‍ය ආයතන මගින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්යොතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර යටතේ පමණක් ආනයනයට අවසර ඇත.

මීට අමතරව නයිට්්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරේ.

”නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළයුතුය.” යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව වේ.

 



අදහස් (4)

කාබනික පොහොර භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

යෝගා Wednesday, 04 August 2021 07:02 PM

ඉතා සතුටුයි.

:       19       31

Bamunuarachchi Wednesday, 04 August 2021 11:18 PM

හැමදෙනාම මාර්කට් එකට ගිහිල්ලා හොයන්නේ කාබනික පොහොරවලින් හදපු එළවලු පලතුරු... හැබැයි රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ....!!!

:       0       0

සෙනෙවිරත්න Thursday, 05 August 2021 06:43 AM

හදිසියේ ගනුලැබූ පොහොර තහනම නිසා අනිසි ප්‍රතිපල ඉතා ඉක්මනින් ලැබෙනු ඇත. කිසිදු විද්‍යාත්මකව සිතිය නොහැකි දේශපාලකයන් කියනා සියලුම දෙය දේව වාක්‍යයන් ලෙස සිතනා අයට මෙම තීරන ඇගයිය හැකිවුවත්, බුද්ධිමත් අය පොහොර තහනමට එකඟ නොවනු ඇත. කෙසේ නමුත් රජය පොටෑසියම්, පොස්පරස් සහ නයිට්‍රජන් ලෙස මූලිකව හඳුන්වන පොහොර, එම මූලද්‍රව්‍ය අඩංගු සංයෝග වෙනත් නම්වලින් ගෙන්වා තම තීරණය ලිහිල් කරන බවක් පෙනේ. ලොව එවැනි ක්‍රියාවලියක් නොමැති බැවින් අවසානයේ ගෙන්වීමට සිදුවනුයේ රසායනික පොහොර පමණි

:       0       1

Bamunuarachchi Monday, 09 August 2021 08:40 AM

මාර්කැට්ටුවට ගිහිල්ලා වැඩි මුදලක් දීලා ගන්නේ කාබනික පොහොර යෙදූ එළවළු, පලතුරු... හැබැයි උද්ඝෝෂණය කරනවා රසායනික පොහොර ඉල්ලලා.. මෙහෙම අමනයින් ඉන්නේ ලෝකේ වෙන මොන රටේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site