
(ඩයනා උදයංගනී)
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම තීරණය නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එකක් බවත්, රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාල බවත් ජනාධිපතිවරයා කීවේය.
රසායනික පොහොර ආනයනය සඳහා රජය වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරන අතර කාබනික පොහොර භාවිතය මගින් විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට හැකිවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැසිවිලි කියකියා කට මැත නියන්නේ කිසි අරුතයක් නැතිවම බණ දෙසන්නේ ඇසි පියවිල්ලකින් කී දෙය නොදන්නේ අසිරිය බලාපන් විරුවෙකි දොඩන්නේ...
ඇයි පත්තර කියවන්නේ නැද්ද? ටීවී බලන්නේ නැද්ද?
ජනපතිතුමනි, සත්‍ය වශයෙන්ම, කොම්පෝස්ට් පොහොර භාවිතයට යොමුවීම වැදගත් දෙයක්. ඒත්, ඔබතුමාගේ උපදේශක අංශවලට වටහා ගන්නට නොහැකි වුණාට, මේ තරම් කාලයක් තිස්සේ රසායන පොහොර භාවිතයට හුරුවී ඇති ශාක එක්වරම කොම්පෝස්ට් පොහොර සඳහා හුරු කරවීමට නොහැකියි. එය ක්‍රමයෙන් පිළිවෙලකට කළයුතු දෙයක්... මෙන්න මේ ක්‍රමවේදය අවබෝධ කරගත නොහැකිවීමයි ගැටලුවට මුල... කොම්පෝස්ට් පොහොර යෙදීමේ අදහස හා උත්සාහය ඉතා හොඳයි. ඒත් ඒ දෙය ඉවක් බවක් නොමැතිව එක්වර කරන්නට යෑමයි අවුලක් වී තිබෙන්නේ. ක්‍රමයෙන් හෙමිහිට ගස්වලට කොම්පෝස්ට් පොහොර හුරුකළ යුතුයි. එය එක්වර කළ නොහැකියි. එසේ එක්වර කිරීමට යාමෙන්, අස්වැන්න අඩුවී, ගොවියා අසරණ වී, මහත් ව්‍යසන ඇතිවේ. අද සිදුව ඇත්තේ එයයි...
අර පොතේ ඔහොම කියලා තියෙන්න ඇති. ඒ වුණාට මිනිස්සු පොත කියවලා නෙවේනේ ඡන්දෙ දුන්නේ... " වැඩ කරන විරුවා" සිංදුව අහලනේ. " අපි බලයට පත් වුණාම පොහොර නොමිලයේ දෙනවා" කීවා මිස " සියලුම ගොවිතැන් කාබනික පොහොර වලට හරවනවා. කෘමිනාශක නැති කරනවා " කියලා කිව්වේ නැහැ නේද ජනාධිපතිතුමෝ...!!! ඔය කතාව පුලුවන් නම් රට පුරාම නොමිලයේ තියා සල්ලිවලටවත් පොහොර ගන්න නැතුව ගොවිතැන් විනාශ වී අන්ත අසරණ තත්වයට පත්ව ඉන්න ගොවිතැනින් ජීවිකාව ගැටගහ ගන්න අද වනවිට පුදුමාකාර සටනක යෙදී ඉන්නා දුප්පත් ගොවි මහත්තුරු ටිකක් ඉස්සරහට ආරක්ෂකයින් නැතුව හෝ ඇතුව ගොස් කියලා බලන්න. හැබැයි අර ගම සමඟ පිළිසඳරක් වගේ නාට්‍ය සංදර්ශනයක් සූදානම් කරලා නම් නොවේ. අහගන්න පුළුවන් වෙයි මේ තීරණය නිසා වෙලා තියෙන විනාශයේ තරම...
මෙම උත්සාහයට ද්වී පාර්ශව බොහොම බලවත්. මුදල් අතින් සහ උගත් හංවඩුව ගසා ගත් අය මිලදී ගැනීම අතින්... වෙසෙසින්ම ඉංග්‍රීසි පත්තරවල මේ අය බඩපිනුම් ගහන හැටි කියවන්න අපුලයි. රසායනික පොහොරවල ඇති නිස්සාරත්වය සහ විශේෂයෙන්ම රජරට වකුගඩු රෝගයට මෙහි ඇති සම්බන්ධතාව පෙන්වා දුන් මහාචාර්ය නලින් ද සිල්වා, මහචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය චන්න ජයසුමන වැනි විද්වතුනට එදිනවලත්, දොස්තර අනුරුද්ධ පාදෙණිය වැනි මේ පිළිබද කරුණු කාරණා හදාරා ඉතිහාසයේ අපේ පැවති ආහාර රටාව නැවත ප්‍රචලිත කිරීමට උත්සාහ ගන්නා අයට මේ දිනවලත් මාධ්‍ය හරහා කරන ගැරහීම් පිළිබඳ සැලකිලිමත් වුවහොත් මෙම කාරණය පැහැදිලි වනු ඇත. විරුද්ධ දේශපාලන පක්ෂ නම් මීට එරෙහි වන්නේ කොයි දේටත් විරුද්ධවන අර්ථයෙනුයි. ඔවුන් කරන හානියත් සුලුපටු නොවන්නේ ගොවි ජනතාව අවුස්සන්නේ ඔවුන් නිසා. දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටිමින් සහ දේශීය ආහාර ප්‍රචලිත කරමින් විදේශීය වශයෙන් නොබැදි පිළිවෙතක කටයුතු කළ, ලෝක ආහාර අර්බුදයකට පවා සාර්ථකව මුහුණ දුන් 70-77 මැතිණියගේ රජයට එරෙහිව ජනතාව ඇවිස්සීමට සිහින මවා රට විනාශ කළ අයවලුන්ගේ අනුප්‍රාප්තිකයින්ගෙන්, වෙන මොනවා අපේක්ෂා කරන්නද?
එය කළ යුතුමයි. නිරෝගිමත් ජනතාවක් විතරක් නොවෙයි ලෝකය පුරාවෙන්ම අපේ ගොවි නිෂ්පාදනවලට ඉල්ලීමක් එයි..
ඉතා වැදගත් පියවරක්. නමුත් කාලසීමාවක් අනුව සිදුවන්නේ නම් සුදුසුයි. නැත්නම් ආනයනය එක්වරම නතරකිරීමෙන් රට පුරා " කහ " හිඟයක් වූ ආකාරයක් විය හැකියි.
කටින් හිටවන බතලවලට මොන කාබනික පොහොරද?
පොඩ්ඩක් ඉන්න කියන්න, ගොවියන් කොළඹට එනකල්, මේ ආණ්ඩුවේ අවසානය ළං වෙලා. කාබනික පොහොර කියලා දෙයක් ලෝකෙ නැහැ. බෝගයක් හැදෙන්න මිනිහෙක්ට අවශ්‍ය සංඝටක වගේම සංඝටක අවශ්‍යයි.
71- 77 දි මැතිණියත් මෙවැනිම අත්හදා බැලීමක් කරන්න ගියා.. ආනයනය නවතා තමතමා වවාගෙන කන්න. නමුත් අවසන් වූයේ ජනතාව කන්න බොන්න නැතුව රටපුරාම සාගතයක් පැතිරීයාමෙන් සහා මැතිණියට අන්ත පරාජයක් ඊළඟ මැතිවරණයෙන් උරුම කරදීමෙනි.
කොරෝනා වලට රට වහද්දි වෙච්ච අහේනිය දැකල, රසායනික පෝර ගෙන්නන එක සිමා කරලා,කාබනික වගාවට ක්‍රමයෙන් රට හුරු කරන එක. නැතුව පෝර ගෙන්නන්ඩ සල්ලි නැතුව අග්ගිස්සට ආවම, සෞක්‍යට හොද නෑ කියල කාබනික වගාව මතක් කරගන්න එක නෙමේ. අනික අර හාල් හිඟ උනාම ගෙන්නපුවා කාබනික පෝර යොදල වගා කරපු සෞක්‍ය සම්පන්න හාල් වෙන්නැති
වැදගත් අත්‍යාවශ්‍ය ආහාර පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද? අපට පෝෂ්‍යදායී ආහාර අවශ්‍යයි.
මොන දේක වුනත් අන්තයට යන්න හොඳ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව අමතකද? නොසලකා හැරියද? උදේ හවස පන්සල් යන, මහානායකවරු බැහැදකින පාලකයින් මේ සංකල්ප තේරුම් ගන්නෙ නැති එක රටේ කරුමයක්. 100%ක් කාබනික පොහොර වලින් කෘෂි ආර්ථිකයක් පවත්වාගෙන යන රටවල් මේ ලෝකෙ තියෙනවද කියලවත් මේ පාලකයින් දන්නවද? ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යන්නට උපක්‍රම මොනවද? මොනදේ වුනත් ඕනෙවට වඩා ඕනෙම නැහැ.
ගොවියටත් කෙලවුනා.රටම චිනාට දුන්නා. මීළඟ ඡන්දයේදී රාජපක්ෂ කියන නම ඇති කිසිම කෙනෙකුට චන්දෙ දිනන්න බැහැ.අපි දිනන්න ඉඩ දෙන්නෙත් නැහැ.
ගොවිබිම්වල ප්‍රායෝගික ගැටළු පසෙකට දමා ගනුලැබූ දැඩි අත්තනෝමතික තීරණයකි. මෙයින් බැටකන්නේ බෝග වගාකරන ගොවීන් මිස තීරන ගත් අයවළුන් නොවේ.
පොහොර කියන්නෙ වස නෙවෙයි කියල තේරුම් කරනන කෙනෙක් නැද්ද
කාබනික පොහොර භාවිතය කොතැනකින් හෝ ආරම්භ කළ යුතුයි... යමකු පවසන්නේ එය ආරම්භ කළ ආකාරය සැරවැඩි බවත් ක්‍රමයෙන් රසායනික පොහොර භාවිතය අඩු කළ යුතු බවත්ය. එසේ කියන කිසිවකු මෙය ආරම්භ කරන්නේ කොතැනකින්දැයි නොපවසති. එබැවින් මේ තීරණය කිසිවිටකත් ආපස්සට නොගත යුතු අතර සිදුවන අපහසුතාවයන් වසර දෙකක් පමණ ගතවන විට මගහැරී යනු ඇත. එබැවින් කළ යුත්තේ කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීමයි. එසේම දේශීය බීජ නිපදවීම ද සිදුකළ යුතුයි. සම්පූර්ණ කාබනික වගාවක් යටතේ දේශීය වී වගා කළ අයෙකු ලෙස එහි ප්‍රතිඵල ලබා ගත් අයෙකු ලෙසද මෙය කළහැකි බව පවසමි...
සර්ගේ උපදේශකයින්ට ගෙවන එක අපරාධයක්... මේ ඔක්කොම දෙන්නේ රටට, ජනාධිපතිට අහිතකර දේවල්. කාබනික පොහොර ප්‍රශ්නය වුණත් ඒ වගේ තමයි. ලෝකයේ වැඩිම කාබනික පොහොර භාවිතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ එහෙත් 100% නෙවෙයි. හරි අපි හිතමු ශ්‍රී ලංකාවේ එ්ක කරනවා කියලා. එ්ත් එ්ක කරන්න තිබුණේ දීර්ඝ කාලීන වැඩසටහනක් විදියට... කවුරු අකමැති වුණත් මම කරනවා කියන්නේ ගොන් කතා...
මෙයා රිවස් කරපු ගැසට් ගාන බැලුවොත් හිතාගන්න පුළුවන් මේ කියන බයිලාවල තරම....
වස විස ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ රසායනික පොහොරවල නෙමෙයි. කෘමීනාශක වල... ඒකට මොකද කරන්නේ?
කවුද පොහොර නිකන් දෙනවා කිව්වේ... ජනාධිපතිතුමා රැස්වීම් වල කතා කලේ නැහැනේ.. පොහොර නැතිව මගේත් තේ අක්කර භාගෙට මැයි මාසෙට වඩා ජුනි මාසේ දළු කිලෝ 60 ක් අඩුවෙලා ඉක්මන් විසඳුමක් ලබාදෙන්න..
ඔබතුමා අඩිය පස්සට ගන්න එපා... මෙහෙම ගියොත් ගොවි ජනතාව අඩියක් ඉස්සරහට තියාවි...
හැමතැනින්ම ඇහෙනවා... ‘‘ අපි තමයි හොඳටම කරලා තියෙන්නේ..‘‘