IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කාබනික පොහොරවලින් සාර්ථක ලොකු ලූනු වගාවක්

(කාංචන කුමාර ආරියදාස)

කාබනික පොහොර යොදා සාර්ථක ලොකු ලූණු වගා කරන ගොවි මහතකු මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයෙන් අපට හමු විය. 

මෙම දේශීය ලොකු ලූනු ගොවියා වූ ජේ.එම් .කේ. වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් දේශීය ලොකු ලූනු වගාවට අමතරවව කහ සහ ඉගුරු වගාව ද සියයට සියයක් කාබනික පොහොර යටතේ වගා කළ බවයි.

අත්හදා බැලීමට සමග තම දේශීය ලොකු ලූනු වගා බිම් ලියදු හතරක් හැර අන් සියල්ල කාබනික පොහොර යටතේ වගා කළ බවත් .ලියදු හතරක් රසායනික පොහොර යොදාගෙන වගා කිරීම සිදු කළ බවත්  අත්හදා බැලීම ඉතා සාර්ථක බවත්බ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

දැනට තම කාබනික වගා බිම් ඉතා සාර්ථකව ලොකු ලුනු පැල පවතින බවත් රසායනික පොහොර යොදා වගා කරන බිම්ට  වඩා වෙන අලංකාර පෙනුමක් කාබනික ලූනු  වගාව  තුළ දක්නට තිබෙන බවත්  තනකොල මර්දනය සඳහා  තණකොළ ගලවා  දැමීම සිදුකරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ලොකු ලූනු වගාවේ බරපතළම ප්‍රශ්නය  තනකොල මර්දනය බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක් හෝ තණකොළ මර්දනයට යම්කිසි ද්‍රව්‍යයක්  සොයා ගැනීම සිදු කළ යුතු බවද වික්‍රමසිංහ ගොවි මහතා පැවසීය

එසේ නොමැති වුවහොත් විශාල ලොකු ලූනු වගාවන්වල තණකොළ ගැලවීම සඳහා විශාල මුදලක් වියදම් යන බවත් පෙන්වා දුන්නේය.

තමන්ගේ රසායනික පොහොර යොදා  සිදුකරන ලියදි 4ට වඩා වැඩි  සාර්ථකත්වයක් දැනටමත් කාබනික ලොකු ලූනු වගාවේ පෙන්නුම් කරන නිසා මෙම කාබනික ලොකු ලූණු වගාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බවද දේශීය ලොකු ලූනු ගොවියා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (12)

කාබනික පොහොරවලින් සාර්ථක ලොකු ලූනු වගාවක්

Perera Saturday, 24 July 2021 10:59 AM

මේ දවස්වල මිනිසුන් රවටන රැවටිල්ලට මේකෙ ඇත්ත නැත්ත ඉතින් ගිහිල්ලම බලන්න ඕනෑ..

:       284       292

Prase Saturday, 24 July 2021 11:16 AM

අර ජවිපයේ මහත් හොරුන්ට ගිහින් බලන්න කියන්න.

:       468       752

aseSaturday, 24 July 2021 12:35 PM

අනුන් පිට නොපටවා ගිහින් බලන්නකෝ... බලලා අපිටත් හරි වැරදි හොඳ නොහොඳ කියා දෙන්නකෝ...!!

:       0       44

anuruddha Saturday, 24 July 2021 11:29 AM

තණකොට ගලවන්න ක්‍රමයක් හොයාගන්න වේවි.. මහින්දානන්ද මහතාට හෝ ගෝඨාභය මහතාට කියලා විසඳුමක් හොයාගන්න. හමුදාව දාලා වුණත් ගලවන්න පුළුවන් වේවි...!!!

:       717       729

Nuwan Saturday, 24 July 2021 12:24 PM

කාබනික පොහොරවලින් සාර්ථක අස්වැන්නක් ලබන්න නම් ඊට සුදුසු බීජ පැලකරන්න ඕනෑ.. රසායනික පෝර සඳහා නිපදවූ ජාන වෙනස් කරන ලද බීජවලට කාබනික පොහොර දැම්මට අස්වැන්න ලැබෙන්නේ නැහැ..

:       91       157

Press Saturday, 24 July 2021 06:29 PM

ඇයි මහත්තයෝ ඔය වගේ දේවල් දැනගෙන හැංගිලා ඉන්න... කාබනික පොහොර වලට හරියන්න බීජයක් හදන්න අදම පටන් ගන්න...

:       6       64

කලවානේ කිරියා Saturday, 24 July 2021 01:32 PM

ඇත්තටම සිදුවිය යුත්ත සිදුවෙමින් පැවතීම සතුටට කරුණකි. බුදුසරණයි...!!! ගොවි මහතාට...

:       474       578

Dharmasiri Weerasinghe Saturday, 24 July 2021 06:26 PM

සාමාන්‍යයෙන් ගොයම් කැපූපසු කෙත්වල කරන බෝග මාරුකිරීමේදී වවන බෝගවලට කිසිම පොහොරක් අවශ්‍ය නොවේ. ගොයම් වලට යෙදූ රසායනික පොහොර පසේ ඉතිරිවන නිසා භෝග කන්න දෙක තුනකට වුවත් මෙය ප්‍රමාණවත් වේ. නැතිනම් කාබනික පොහොරවල තිබෙන ආශ්චර්යයෙන් නොවේ...

:       227       239

Prabha Saturday, 24 July 2021 08:14 PM

පැලේ, බලලා අලේ ගැන කතා කරන්න ඉක්මන් වෙන්න එපා...

:       171       166

මෝ Saturday, 24 July 2021 09:56 PM

තණකොළ ගලවන්න කලබල වෙන්න එපා. නොමිලේම කරගත හැකියි. දියවන්නාවේ 225න් මාසෙකට දෙසැරයක් විතර ඔය ලියැදි වලට දැක්කුවා නම් ඉවරයි...

:       0       0

බද්රානි Sunday, 25 July 2021 02:16 AM

කාබනික පොහොර වලින් කරන ගොවි තැන කෙසේ වෙතත්, කාබනික "පොහොර" නිෂ්පාදනයට නම් කියාපු ජාතිය. පිටරට ගුණ කෑම කාල පොහොර දාන්න එන්නෙත් ලංකාවටනේ. ලංකාවේදී "පිනට" හොඳම එක කාල දාන "සුපිරි පොහොර" පිටරට පටවලා හොඳ ගානක් හොයා ගන්න පුළුවන් කම තියෙද්දී අපරාදේ මහන්සිවෙලා මොකටද ගොවිතැන් කරන්නේ.

:       0       0

sene Sunday, 25 July 2021 08:25 AM

මහින්ද මහතාගේ දුර දැක්ම ලූණු අගාධය කලින්ම දුටුවෙමි නොවැ... මතකද "ලූනු කෑවාද? දැන් සැපද? කියමන...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 197 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site