
(කාංචන කුමාර ආරියදාස)
කාබනික පොහොර යොදා සාර්ථක ලොකු ලූණු වගා කරන ගොවි මහතකු මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයෙන් අපට හමු විය.
මෙම දේශීය ලොකු ලූනු ගොවියා වූ ජේ.එම් .කේ. වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් දේශීය ලොකු ලූනු වගාවට අමතරවව කහ සහ ඉගුරු වගාව ද සියයට සියයක් කාබනික පොහොර යටතේ වගා කළ බවයි.
අත්හදා බැලීමට සමග තම දේශීය ලොකු ලූනු වගා බිම් ලියදු හතරක් හැර අන් සියල්ල කාබනික පොහොර යටතේ වගා කළ බවත් .ලියදු හතරක් රසායනික පොහොර යොදාගෙන වගා කිරීම සිදු කළ බවත් අත්හදා බැලීම ඉතා සාර්ථක බවත්බ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
දැනට තම කාබනික වගා බිම් ඉතා සාර්ථකව ලොකු ලුනු පැල පවතින බවත් රසායනික පොහොර යොදා වගා කරන බිම්ට වඩා වෙන අලංකාර පෙනුමක් කාබනික ලූනු වගාව තුළ දක්නට තිබෙන බවත් තනකොල මර්දනය සඳහා තණකොළ ගලවා දැමීම සිදුකරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ලොකු ලූනු වගාවේ බරපතළම ප්‍රශ්නය තනකොල මර්දනය බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක් හෝ තණකොළ මර්දනයට යම්කිසි ද්‍රව්‍යයක් සොයා ගැනීම සිදු කළ යුතු බවද වික්‍රමසිංහ ගොවි මහතා පැවසීය
එසේ නොමැති වුවහොත් විශාල ලොකු ලූනු වගාවන්වල තණකොළ ගැලවීම සඳහා විශාල මුදලක් වියදම් යන බවත් පෙන්වා දුන්නේය.
තමන්ගේ රසායනික පොහොර යොදා සිදුකරන ලියදි 4ට වඩා වැඩි සාර්ථකත්වයක් දැනටමත් කාබනික ලොකු ලූනු වගාවේ පෙන්නුම් කරන නිසා මෙම කාබනික ලොකු ලූණු වගාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බවද දේශීය ලොකු ලූනු ගොවියා වැඩිදුරටත් කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල මිනිසුන් රවටන රැවටිල්ලට මේකෙ ඇත්ත නැත්ත ඉතින් ගිහිල්ලම බලන්න ඕනෑ..
තණකොට ගලවන්න ක්‍රමයක් හොයාගන්න වේවි.. මහින්දානන්ද මහතාට හෝ ගෝඨාභය මහතාට කියලා විසඳුමක් හොයාගන්න. හමුදාව දාලා වුණත් ගලවන්න පුළුවන් වේවි...!!!
කාබනික පොහොරවලින් සාර්ථක අස්වැන්නක් ලබන්න නම් ඊට සුදුසු බීජ පැලකරන්න ඕනෑ.. රසායනික පෝර සඳහා නිපදවූ ජාන වෙනස් කරන ලද බීජවලට කාබනික පොහොර දැම්මට අස්වැන්න ලැබෙන්නේ නැහැ..
ඇත්තටම සිදුවිය යුත්ත සිදුවෙමින් පැවතීම සතුටට කරුණකි. බුදුසරණයි...!!! ගොවි මහතාට...
සාමාන්‍යයෙන් ගොයම් කැපූපසු කෙත්වල කරන බෝග මාරුකිරීමේදී වවන බෝගවලට කිසිම පොහොරක් අවශ්‍ය නොවේ. ගොයම් වලට යෙදූ රසායනික පොහොර පසේ ඉතිරිවන නිසා භෝග කන්න දෙක තුනකට වුවත් මෙය ප්‍රමාණවත් වේ. නැතිනම් කාබනික පොහොරවල තිබෙන ආශ්චර්යයෙන් නොවේ...
පැලේ, බලලා අලේ ගැන කතා කරන්න ඉක්මන් වෙන්න එපා...
තණකොළ ගලවන්න කලබල වෙන්න එපා. නොමිලේම කරගත හැකියි. දියවන්නාවේ 225න් මාසෙකට දෙසැරයක් විතර ඔය ලියැදි වලට දැක්කුවා නම් ඉවරයි...
කාබනික පොහොර වලින් කරන ගොවි තැන කෙසේ වෙතත්, කාබනික "පොහොර" නිෂ්පාදනයට නම් කියාපු ජාතිය. පිටරට ගුණ කෑම කාල පොහොර දාන්න එන්නෙත් ලංකාවටනේ. ලංකාවේදී "පිනට" හොඳම එක කාල දාන "සුපිරි පොහොර" පිටරට පටවලා හොඳ ගානක් හොයා ගන්න පුළුවන් කම තියෙද්දී අපරාදේ මහන්සිවෙලා මොකටද ගොවිතැන් කරන්නේ.
මහින්ද මහතාගේ දුර දැක්ම ලූණු අගාධය කලින්ම දුටුවෙමි නොවැ... මතකද "ලූනු කෑවාද? දැන් සැපද? කියමන...