
(බන්දුල ඉලේපෙරුම)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත් කිරීමට අද(22) එම කමිටුව විසින් තීරණය කරන ලදි.
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි.
මෙවර කෝප් කමිටුව නියෝජනය කරනු ලබන සෙසු මන්ත්‍රීවරුන් වන්නේ මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ හේරත්, ආචාර්ය සරත් වීරසේකර, ඩී.වී.චානක, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, එස්.එම්.මරික්කාර්, ප්‍රේම්නාත් සී.දොළවත්ත සහ ශානක්‍යම් රාජපුත්තිරන් රාසමාණික්යම් යන මහත්වරුන්ය.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන්හී මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කරනු වස් රාජ්‍ය සංස්ථාවල සහ රජයට යම් ලිඛිත නීතියක් යටතේ පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් හා ඊට සම්බන්ධ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදුකෙරේ. එම කමිටුව ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විසින් පොදුවේ නියෝජනය කරනු ලබන අතර පසුගිය ආණ්ඩු සමයේ මෙහි සභාපතිත්වය හිටපු ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හොබවනු ලැබීය.
කෝප් කමිටුව මගින් පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු බඩු ටිකක්නේ දාලා තියෙන්නේ..
මරු මිනිස්සු ටිකකුත් දාලා තියෙන්නේ..
මරු ටික දෙනෙකුත් දාලා තියෙන්නේ..
මේක හරියට තමන්ගේ අඩුපාඩු, දුර්වලතා තමන්ම සොයාබලා තමන්ම ප්‍රසිද්ධ කර ගැනීමකට සමානයි. මෙය ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමේ මූලධර්මයට පටහැනිය. ලෝක විහිලු සපයන වැඩපිලිවෙලක්.
ලෝක විහිලු... තමන්ගේ අඩුපාඩු තමන්ම කියන්නේ නැහැනේ....
දැන් නියමෙට වංචා, දූෂණ හෙලිකරයි...